ඉංග්‍රීසි සිවිල් යුද්ධය

ඉංග්‍රීසි සිවිල් යුද්ධය
රාජධානි තුනෙහි යුද්ධ හි කොටසකි
නොදන්නා සිත්තරකු විසින් නිර්මිත "නේස්බි සටන"
1645 ජූනි 14 දිනදී සිදුවූ නේස්බි සටනෙහිදී රාජකීයවාදී යුද්ධ හමුදාව පරදවමින් පාර්ලිමේන්තුවාදී නව මාදිලි යුද්ධ හමුදාවෙහි ජයග්‍රහණය සනිටුහන් කලේ ඉංග්‍රීසි සිවිල් යුද්ධයෙහි සන්ධිස්ථානයකි.
දිනය22 අගෝස්තු 1642 – 3 සැප්තැම්බර් 1651
පිහිටුම
එංගලන්ත රාජධානිය
ප්‍රතිඵලය

පාර්ලිමේන්තුවාදී ජයග්‍රහණය

  • පළමුවන චාල්ස් රජ මරණයට පත් කිරීම
  • දෙවන චාල්ස් රජ පිටුවහල් කිරීම
  • ඔලිවර් ක්‍රොම්වෙල් යටතේ ජනරජවාදී පොදු රාජ්‍ය මණ්ඩලය පිහිටුවීම
යුද්ධාවතීරයන්
ඉංග්‍රීසි, ස්කොට්ලන්ත, වේල්ස සහ අයර්ලන්ත රාජකීයවාදීන් ඉංග්‍රීසි, ස්කොට්ලන්ත, වේල්ස සහ අයර්ලන්ත පාර්ලිමේන්තුවාදීන්

ඉංග්‍රීසි සිවිල් යුද්ධය (1642–1651) යනු, ප්‍රධාන වශයෙන් ආණ්ඩු කිරීමේ ක්‍රමවේදය පිළිබඳ ඔවුන් අතර වූ විසම්මුතිය නිසාවෙන්, පාර්ලිමේන්තුවාදීන් ("රවුන්ඩ්හෙඩ්වරුන්") සහ රාජකීයවාදීන් ("කැවලියර්වරුන්") අතර ඇතිවූ සන්නද්ධ ගැටුම් සහ දේශපාලනමය කූටෝපායයන් මාලාවකි. පළමුවන (1642–46) සහ දෙවන (1648–49) යුද්ධ වලදී පළමුවන චාල්ස් රජුගේ ආධාරකරුවන් සහ දිගු පාර්ලිමේන්තුවෙහි ආධාරකරුවන් අතර සටන් ඇවිලුණු අතර, කෙවැන්න (1649–51) තුලදී දෙවන චාල්ස් රජුගේ ආධාරකරුවන් සහ කොට පාර්ලිමේන්තුවෙහි ආධාරකරුවන් අතර සටන් ඇවිලුණි. 1651 සැප්තැම්බර් 3 දිනදී වොෂ්ටර් සටනෙහි පාර්ලිමේන්තුවාදී ජයග්‍රහණය සමගින් යුද්ධය නිමාවට පත්වූයේය.

යුද්ධයේ සමස්ත ප්‍රතිඵලය තෙවැදෑරුම් විය: නඩු විභාගය සහ පළමුවන චාල්ස් රජු මරණයට පත් කිරීම; ඔහුගේ පුතු, දෙවන චාල්ස් රජු පිටුවහල් කිරීම සහ; ඉංග්‍රීසි රාජාණ්ඩුව වෙනුවට, පළමුව එංගලන්ත පොදු රාජ්‍ය මණ්ඩලය (1649–53) ද ඉන්පසුව ඔලිවර් ක්‍රොම්වෙල්ගේ පුද්ගලික පාලනය යටතේ ආරක්ෂිත රාජ්‍යය (1653–59) ද ආදේශ කිරීම.