එස්-පහ

ගෘහ පාලනය ගෘහනියන් විසිනුත්, වැඩපොළෙහි දි පිරිසිදු කිරිම හා අතුගෑම හා අතු ගාන්නන් විසිනුත් කළ යූතු බව ‍බොහෝ දෙනා සිතති. තම තමන්ගේ ගේ-දොර සහ වැඩ කරන ස්ථානයන් පිරිසිදුව තබා ගැනීමෙිදී තමා විසින් ද වැදගත් භූමිකාවක් රගපෑ යුතු බව ඹවුහු අවබෝධ කර නොගනිති.මනා ගෘහ පාලනයක් පුහුණු කිරීමෙන් තමන්ට ම කෙතරම් යහපතක් කර ගත හැකිදැයි ඹවුහු නොදනිති.

ඹබ දිනපතා වැඩ කරන විට, කරන කිර්යයන්හි දි තම වැඩපොළෙහි පිරිසිදුනකම, පිළිවෙල සහ අාරක්ෂාව පවත්වා ගැනිම සමස්තයක් වශයෙන් ඉතා වැදගත් බව ඔබ දන්නවාද? ඔබ කොතරම් ඉක්මනින් සහ කාර්යක්ෂමව වැඩ කරනවාද යන්න ඔබේ වැඩ පොළෙහි පරිසරය විසින් තීරණය කරන බව ඔබ දන්නවාද?

ඔබ කාර්යාලයක, සාප්පුවක, කර්මාන්ත ශාලාවක, වත්තක හෝ වෙනත් ස්ථානයක හෝ රැකියාව කළ ද, ගෘහ පාලනය ඔබට අදාළ වේ.මෙම පරිච්ඡේදය ඔබට ප්රීයෝඡනවත් වන්නේ මෙතැනදී ය.මෙම පරිව්ඡේදය කියවීමෙන් පසුව-

  • ගෘහ පාලනයේ වැදගත්කම
  • ගෘහ පාලනය ඔ‍බේ කාර්යයන්ට විශාල වශයෙන් බලපාන්නේ කෙසේද?
  • ඕබේ රැකියා ස්ථානය පිරිසිදුව, මනා ලෙස, පිළිවෙලට තබා ගැනිම සඳහා ඔබ උපකාරි වන්නේ කෙළෙසද?

යන්න දැන ගත හැකි වේ. එමෙන්ම ඔබේ වැ‍ඩපොළේ ගෘහ පාලනයට සහභාහි වීම ගැන ඔබ සිතන විට උද්්ය් ගයෙන් ඔකඳ වනු ඇත.

"එස්-5” කුමක්ද?

එස් 5 යන්නෙන් ජපන් ව‍චන 5ක් කියවේ.

  • සෙයිරි
  • සෙයිටෝන්
  • සෙයිසෝ
  • සෙයිකෙත්සු
  • ෂිත්සුකේ

එහෙත් මේවා පුහුණු කිරිම සඳහා ජපන් ජාතිකයෙකු විය යුතු බවට මින් අදහස් නොවේ.අපි, එක් එක් වචනය කියවා එයින් අදහස් වන දෙය සහ අපට යෙදෙන්නේත කෙසේදැයි බලමු.

සෙයිරි

අවට ඇති ද්‍රව්‍ය වලින් අවශ්‍ය හා අනවශ්‍ය දෑ තෝරා අනවශ්‍ය දේවල් ගෙන පරිසරයට හානියක් නොවෙන පරිදි විසිකර දමන්න .

සෙයිටෝන්

අවශ්‍ය දේවල් නිසි පිළිවෙලට තබන්න. එවිට ඒවා පාවිච්චිය සඳහා පහසුවෙන් ගත හැක.

සෙයිසෝ

කුණු රොඩ්ඩක්වත් නොතිබෙන පරිදි වැඩපොල සම්පූර්ණයෙන්ම පිරිසිදු කරන්න

සෙයිකෙත්සු

සෑම විටම මනා ගෘහ පාලනයක් සහ වැඩපොළෙහි මනා පිළිවෙලක් තබා ගන්න

ෂිත්සුකේ

මනා ගෘහ පාලනය පිළිබඳව විනය රීති නිදහසේ අනුගමනය කිරිමට පුහුණු කිරිම.

එස් 5 න් ලබන ප්‍රයෝජන

  • එස් 5 කෙනෙකුගේ කාර්යස්ථානය වඩාත් ප්‍රියජනක කරයි.
  • එස් 5 වැෙඩහි කාර්යක්ෂමතාව ලබා ගැනීමට උපකාරි ෙව්
  • එස් 5 සහ අාරක්ෂාව ඒකිෙනකට බැදි පවති.
  • එස් 5 උසස් තත්ත්වයෙ නිෂ්පාදනවලට සහ ඉහළ මට්ටමෙ ඵලදායිතාවයකට ෙහ්තු ෙව්.