ඓහික රාජ්‍යය
ඓහික රාජ්‍යය, අනාගමික රාජ්‍යය හෝ නිරාගමික රාජ්‍යය යන යෙදුම් වලින් හැඳින්වෙන්නේ ඓහිකත්වය හා සබැඳි සංකල්පයක් වන අතර එහිදී රාජ්‍යය විසින් ආගම සම්බන්ධ කාරණා වලදි අපක්ෂපාති වීම අපේක්ෂා කෙරෙයි.[1] එවැනි රාජ්‍යයක් එහි සෑම පුරවැසියෙක් හටම ආගමික විශ්වාසය හෝ අවිශ්වාසය නොසළකා සමසේ සැළකීමට පොරොන්දු වන අතර, පුද්ගලයෙකුගේ ආගමිකත්වය හෝ නිරාගමිකත්වය මත විශේෂ සැළකිලි දැක්වීමෙන් හෝ වෙනස්කම් කිරීමෙන් වැළකී සිටින බව ප්‍රකාශ කරයි.[2]
ඓහික රාජ්‍යයන් වලට රාජ්‍ය ආගමක් නොමැති වුවද, රාජ්‍ය ආගමක් නොමැති වූ පමණින් රාජ්‍යයක් සම්පූර්ණයෙන් අනාගමික හෝ සමානාත්මතාවාදී නොවේ. උදාහරණයක් ලෙස, ඓහික රාජ්‍යයක් ලෙස හඳුන්වා ගන්නා ඇතැම් රාජ්‍යයන්හි ජාතික ගීයෙහි හෝ ජාතික ධජයෙහි ආගමික සඳහන් තිබෙන අතර, ඇතැම් එවැනි රාජ්‍යයන්හි යම්කිසි එක් ආගමකට ප්‍රමුඛතාවය ලබාදෙන නීති ද පවතී.
මේවාද බලන්න
- සිවිල් ආගම
- ආගමික නිදහස
- ඓහික අධ්‍යාපනය
- ඓහිකවාදය
- ඓහිකත්වය
- ඓහික ආගම
- පල්ලිය සහ රාජ්‍යය වෙන් කිරීම
- රාජ්‍ය අදේවවාදය
- රාජ්‍ය ආගම
- දේවතන්ත්‍රය
ආශ්‍රිත
- ^ Madeley, John T. S.; Enyedi, Zsolt (2003). Church and State in Contemporary Europe: The Chimera of Neutrality. Psychology Press. p. 14. ISBN 978-0-7146-5394-5.
- ^ "What is Secularism?". www.secularism.org.uk (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2022-05-18.