ඕටොනොවී (චන්ද්‍රයා)
ජුපිටර් XXVIII ලෙසින්ද හැඳින්වෙන, ඕටොනොවී, යනු බ්‍රහස්පතිගේ ස්වභාවික චන්ද්‍රිකාවකි. 2001 දී ස්කොට් එස්. ෂෙපර්ඩ්ගේ නායකත්වය දැරූ, හවායි විශ්වවිද්‍යාලයීය තාරකා විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සොයා ගත් එයට, S/2001 J 1 යන තාවකාලික නිල නාමය ලබා දෙන ලදි. [1][2][3]
කිලෝමීටර 4 ක පමණ විෂ්කම්භයක් සහිත ඕටොනොවී චන්ද්‍රයා, එහි ග්‍රහ ලෝකය වන බ්‍රහස්පතීට කිලෝමීටර මිලියන 24.264 පමණ සාමාන්‍ය දුරකින්, දින 772.168 ක කාලයක් ගනිමින් එය වටා පරිභ්‍රමණය වෙයි. . එය පරිභ්‍රමණය වන්නේ කක්ෂතලයට 151° ක (බ්‍රහස්පතිගේ සමකයට 150° ක) ආනතියක් සහිතව, ප්‍රතිගාමී දිශාවට සහ 0.369 ප්‍රමාණයක උත්කේන්ද්‍රියතාවයක් සහිතවය.
අක්‍රමවත් ලෙසින් හා ප්‍රතිගාමී චලිතයෙහි යෙදෙමින්, 22.8 සහ 24.1 ගිමී අතර පරාසයක දුරක් බ්‍රහස්පති ග්‍රහ ලෝකයේ සිට තබමින් සහ, 144.5° සහ 158.3° අතර වන පරාසයක ආනතීන් දරමින් එය වටා පරිභ්‍රමණය වන චන්ද්‍රයින් අඩංගු පැසිෆේ කාණ්ඩයට මෙම චන්ද්‍රයා අයත් වෙයි.
සියුස්ගේ (බ්‍රහස්පතිගේ) අභිභවනයක්ද,[4] සහ සමහරක් කතුවරයන් පරිදී කැරිටීස් (ග්‍රාසියස්) ගේ මවද වන,[5] ග්‍රීක පුරාකථාමය චරිතයක් වන ඕටොනොවී අනුව යමින් 2003 අගෝස්තු මසදී ඕටොනොවී නම් කෙරිණි.
ආශ්‍රිත
- ^ IAUC 7900: සැටලයිට්ස් ඔෆ් ජුපිටර් 2002 මැයි 16 (සොයාගැනීම)
- ^ MPEC 2002-J54: ලෙවන් නිව් සැටලයිට්ස් ඔෆ් ජුපිටර් 2002 මැයි 15 (සොයාගැනීම සහ ග්‍රහචාරය)
- ^ MPEC 2002-V03: S/2001 J 1 2002 නොවැම්බර් 1 (සංශෝධිත ග්‍රහචාරය)
- ^ IAU Website: සැටලයිට්ස් ඔෆ් ජුපිටර්, සැටර්න් ඇන්ඩ් යුරේනස්, http://www.iau.org/SATELLITES_OF_PLANETS.248.0.html, ප්‍රතිෂ්ඨාපනය 2013-05-07
- ^ USGS ඇස්ට්රොජියෝලජි: ගැසටියර් ඔෆ් ප්ලැනටරි නොමෙන්ක්ලියෙචර් - ප්ලැනටරි බොඩි නේම්ස් ඇන්ඩ් ඩිස්කවරීස්