කරුණාරත්න අබේසේකර

කරුණාරත්න අබේසේකර
උපත1930 ජුනි මස 03
මාතර රත්මලේ බඹරැන්ද පොසතුගොඩ ලංකාව
මියගිය දිනය1983 අප්‍රියෙල් මස 20
ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේගීත නිබන්ධක, ගුවන් විදුලි නිවේදක
ආගමබෞද්ධ

කරුණාරත්න අබේසේකර (ඉංග්‍රීසි: Karunaratne Abeysekera) (ගුවන් විදුලියේ කරු අයියා) ශ්‍රී ලංකාවෙහි ජනප්‍රිය, පොදු ජනයාගේ සිත්දිනූ කවියකු, ලේඛකයකු, ගුවන්විදුලි විස්තර නිවේදකයකු, වැඩසටහන් සම්පාදකයකු, චිත‍්‍රපට ගීත රචකයකු, ගීත නිබන්ධකයෙකි. ඔහු ශ්‍රී ලංකාවෙහි ප්‍රථම ගුවන් විදුලි වැඩ සටහන සිංහල නිවේදකයායි. ලෝකයේ ප්‍රථමයෙන්ම ගුවන් විදුලියෙන් සිංහල බසින් ක්‍රිකට් ක්‍රීඩා විචාරයක් පැවැත්වූයේද කරුණාරත්න අබේසේකර මහතායි. ඒ සිලෝන් ක්‍රිකට් පිළ හා සංචාරක එංගලන්ත ක්‍රිකට් පිළ හා තරඟයයි.

ජීවන සටහන්

1930 මාතර රත්මලේ බඹරැන්ද පොසතුගොඩදී උපත ලද කරුණාරත්න, කොළඹ නාලන්දා විද්‍යාලයයෙන් උගත්තේය. කරූ පාසල් යුගයේ අති දක්ෂ කථිකයකු විය. ඔහු 1946 සිට 1950 දක්වා කාලයේ නාලන්දා විද්‍යාලයේ විවාද කණ්ඩායමේ නායකයා ද විය. ආරම්භක සභාපති ලෝක අක්ෂි දාන සංගමය දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා, හිටපු දේශිය වෛද්‍ය ඇමති (වෛද්‍ය) ධර්මසේන ආටිගල, හිටපු වැවිලි ඇමති රුපා කරුණාතිලක, සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂයේ නායක ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග, හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක හා එන්ගලන්ත ලැන්කශයර් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ , වෛද්‍ය ගුණදාස අමරසේකර, චිත්‍රපට නළු ආනන්ද වීරකෝන්, කීර්තිමත් සිවිල් නිලධාරි රිජ්වේ තිලකරත්න අබේසේකරයන්ගේ නොළඹ නාලන්දා විද්‍යාලයයේ සමකාලීනයෝය. නාලන්දාවේදී අබේසේකරයන්ගේ සිංහල ගුරුවරයා වූයේ එවකට කවියකු හා ගුවන්විදුලි වැඩසටහන් සම්පාදකවරයකු ලෙස කීර්තියක් ඉසිලූ, ගුවන්විදුලියේ ළමා මණ්ඩපය මෙහෙය වූ සිරි අයියා නමින් ප‍්‍රකටව සිටි අධිනීතිඥ යූ. ඒ. එස්. පෙරේරායි.

රේඩියෝ සිලෝන්

1950 දී ලාබාල විසිවන වස ඔහු රේඩියෝ සිලෝන්හි නිවේදකයකු ලෙස සේවයට බැඳුනේය. 1958 දි වැඞිදුර පුහුණුව ඔහු බ්‍රිතාන්‍ය බීබීසි ආයතනයෙන් ලබාගත්තේය. කරුණාරත්න අබේසේකර (කරු අයියා) ගුවන් විදුලියේ සරස්වතී මණ්ඩපයේ ‘මිණිකිංකිණි’ වැඩ සටහනට සහභාගි වීමට ආ නංගිලා මල්ලිලා (දරුදැරියන්) සඳහා එසැණ ගී රැසක් ලියුවේය.

ගීත රචනය

  • පෙරදිග මුතු ඇටයයි මේ ලෝකේ සිරිබර සිරි ලංකා
  • ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
  • සුරනර පූජිත ලෝක විරාජිත ශාන්ති තිලෝගුරු සෑසි පියා බුදු සෑසි පියා
  • ඔබෙ රා ගී මන කැළඹේදෝ
  • ඔංචිල්ලා තොටිලි කොයින්දෝ රන්සලු පිළි වළලු කොයින්දෝ
  • ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ හිරු නොනගී අවරගිරේහී
  • තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ මේ ඩිංගෙදී ඇයි කෝලම් නටන්නේ
  • සරවන බව කඳ සුරිඳුගෙ තෙද බලේ පලතුල තුරුලිය ඔද තෙද මද නලේ

සම්මාන

  • 1967 සරසවි සම්මානය - කඳ සුරිඳුනි ගීතය(මහ රෑ හමුවු ස්ත්‍රීය චිත්‍රපටය)
  • 1968 ගුවන් විදුලි සඟරා සම්මානය‍
  • 1968 ස්වර්ණ පද්ම උපහාර සම්මානය

පිංතූර

වැඩිදුර කියවීම්