ගුවන් ප්‍රහාර

කොසෝවෝ යුද්ධයේදී එල්ල කෙරුණු ගුවන් ප්‍රහාරයක ප්‍රතිඵලයක්

ගුවන් ප්‍රහාරයක් [1] යනු, ආක්‍රමණකාරී මෙහෙයුමකදී, විශේෂිත වස්තුවක් වෙත, හමුදාමය ගුවන් යානා‍ විසින් එල්ල කෙරෙන ප්‍රහාරයකි. සාමාන්‍ය වශයෙන්, ගුවන් ප්‍රහාර එල්ල කෙරෙනුයේ, ප්‍රහාරක, බෝම්බ හෙලන ගුවන් යානා, භූමි ප්‍රහාර ගුවන් යානා, සහ ප්‍රහාරක හෙලිකොප්ටර වැනි ගුවන් යානා විසිනි. සතුරු අහස් ඉලක්කද ඇතුළු සියළුම වර්ගයේ ඉලක්කයන් නිල අර්ථදැක්වීමට අඩංගු වෙතත්, පදයෙහි ජනප්‍රිය භාවිතයේදී, භූමියක හෝ නාවික අරමුණක් වෙත උපායශීලී (කුඩා-පරිමාණයේ) ප්‍රහාරයක් යනුවෙන් සීමාසහිත අර්ථයක් ගනියි. ගුවන් ප්‍රහාරයකදී භාවිතා කෙරෙන ආයුධ, මැෂින් තුවක්කු උණ්ඩ සහ මිසයිල සිට විවිධ වර්ගයන්හී බෝම්බ දක්වා පරාසයක පවතියි. එය සාමාන්‍ය වශයෙන් ගුවන් ආක්‍රමණයක් ලෙසින්ද හැඳින්වෙයි.

සමීප ගුවන් ආධාරයේදී, පුහුණුව ලද නිරීක්ෂකයන් විසින් ගුවන් ප්‍රහාර සාමාන්‍ය වශයෙන් පාලනය කෙරෙන්නේ, කාලත්වක්කු උපායමාර්ග අනුව ව්‍යුත්පන්න කරන ලද ආකාරයකට, මිත්‍ර හමුදා ඛණ්ඩ සමග සහයෝගයෙන් කටයුතු කිරීම හැකි වන පරිදීය.

ඉතිහාසය

කොරියානු යුද්ධය තුලදී වොන්සොංහී ගුදම් වෙත A-26 ගුවන් ප්‍රහාරයක්

1911 නොවැම්බර් 1 දිනදී, ඉතාලියානු ගගනයාත්‍රික, දෙවන ලුතිනන් ජූලියෝ ගැවෝටි විසින්, ලිබියාවේ තුර්කි පාලනය යටතේ පැවති ක්ෂේමභූමි දෙකක් වෙත බෝම්බ හතරක් පතිත කරන ලද අතර, ඉතාලි-තුර්කි යුද්ධයේ කොටසක් වශයෙන් ලොව පළමු ගුවන් ප්‍රහාරය එල්ල කරන ලදි.

ආශ්‍රිත

භාහිර සබැඳි

  • Airstrikes හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත