චංදොක්ගුං
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
---|---|
![]() චංදොක්ගුං ඉන්ජොංජොන් | |
නිල නාමය | චංදොක්ගුං මාලිගා සංකීර්ණය |
පිහිටුම | දකුණු කොරියාව |
නිර්ණායකය | සංස්කෘතික: (ii), (iii), (iv) |
මූලාශ්‍ර | 816 |
අභිලේඛනය | 1997 (21 වන සැසිය) |
භූමිය | 57.9 ha (0.224 sq mi) |
වෙබ් අඩවිය | eng.cdg.go.kr/main/main.htm |
ඛණ්ඩාංක | 37°33′N 126°59′E / 37.550°N 126.983°Eඛණ්ඩාංක: 37°33′N 126°59′E / 37.550°N 126.983°E |
චංදොක්ගුං | |
හංගුල් | 창덕궁 |
---|---|
හන්ජා | 昌德宮 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Changdeokgung |
මැකූන්–රයිෂවර් | Ch'angdŏkkung |
චංදොක්ගුං (හංගුල්, 창덕궁, 昌德宮; සාහිත්‍යමය, "සමෘද්ධිමත් ගුණාංග මාලිගය"), හෙවත් චංදොක්ගුං මාලිගය නැතහොත් චංදොක් මාලිගය පිහිටියේ දකුණු කොරියාවේ සෝල් හි ජොංනෝ-ගු හි විශාල උද්‍යානයක් මධ්‍යයේ ය. මෙය ජොසොන් රාජවංශයේ (1392-1897) රජවරුන් විසින් ඉදිකරන ලද "පංච මහා මාලිගා" අතුරින් එකකි.[1] මෙය ග්‍යොංබොක් මාලිගයට නැගෙනහිරින් පිහිටි නිසා, චංදොක්ගුං සමඟ චංග්යොංගුං මාලිගා එක්ව "නැගෙනහිර මාලිගය" (동궐, 東闕, දොංවොල්) ලෙස හඳුන්වනු ලබයි.
චංදොක්ගුං මාලිගය බොහෝ ජොසොන් කුමාරවරුන්ගේ ප්‍රියතම ස්ථානයක් වූ අතර, එහි වඩාත් නූතන ග්‍යොංබොක්ගුං මාලිගයෙහි දක්නට නොලැබෙන, කොරියාවේ තුන් රාජධානි යුගයට අයත් අංගයන් පවා දක්නට ලැබේ. එවැනි එක් අංග ලක්ෂණයක් වන්නේ චංදොක්ගුං හි ගොඩනැගිලි භූමියෙහි ස්වාභාවික පිහිටීමට ගැළපෙන අයුරින් නිර්මාණය කොට තිබීමයි. සෙසු පංච මහා මාලිගා සේම මෙම මාලිගය ද කොරියාවේ ජපන් පාලන සමය (1910–1945) තුළ ඉමහත් හානියට ලක් විය. වර්තමානය වන විට, නැගෙනහිර මාලිගා සංකීර්ණයෙහි (චංදොක්ගුං සමඟ චංග්‍යොංගුං) පූර්ව-ජපන් පාලන යුගයට අයත් ගොඩනැගිලිවලින් 30% ක් පමණ ශේෂව පවතියි.[2]
ගැලරිය
-
දේජෝජොන්
-
ග්යොංහුන්ගක් යනු චංදොක් මාලිගයේ දේජෝජොන් ශාලාවට අනුබද්ධිත දෙමහල් ගොඩනැගිල්ලක් කොටසකි. මෙහි පළමු මහල ග්යොංහුන්ගක් නම් විය. දෙවන මහල ජිංග්වංරු නම් විය.
-
හුයිජොංදං
-
ඉන්ජොංජොන් හි ඇති රාජකීය සිංහාසනය
-
ජුහම්නු
-
නක්සොන්ජේ
-
ඔංන්යුචොන්
-
සොංජොංජොන්
ආශ්‍රේයයන්
- ^ "The 5 Palaces of Seoul". Chosun Ilbo. 24 January 2012. සම්ප්‍රවේශය 23 April 2012.
- ^ [서울신문] “일제가 궁궐 이렇게 훼손” 설계도면 첫 공개. Seoul.co.kr (2009-02-27). Retrieved on 2013-07-12.
ග්‍රන්ථාවලිය
- Choi, Jong-deok (최종덕) (2006), Changdeokgung: the true palace of Joseon (조선의 참 궁궐 창덕궁), Seoul: Nulwa.
- Hoon, Shin Young Hoon (2008). The Royal Palaces of Korea: Six Centuries of Dynastic Grandeur (Hardback). Singapore: Stallion Press. ISBN 978-981-08-0806-8.
- Yoon, Jong-soon (1992), Beautiful Seoul, Seoul: Sung Min Publishing House. PP. 4–51 are particularly relevant; each building has a picture and a historical description.
- Changdeokgung Palace, undated pamphlet available at the palace
බාහිර සබැඳි
චංදොක්ගුං හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- UNESCO: Changdeokgung Palace Complex
- Changdeokgung සංරක්ෂණය කළ පිටපත 2017-07-01 at the Wayback Machine
- Official guide from Cultural Heritage Administration
- Changdeokgung : Official Seoul City Tourism
- Life in Korea: Changdeok Palace / Biwon Garden
- Photo gallery
- The Seoul Guide : Changdeokgung Palace
සැකිල්ල:Chinese garden styles