ජපන් භාෂාව
| |
---|---|
日本語 නිහොන්ගො(Nihongo) | |
![]() "Nihongo" ("Japanese") in Japanese script | |
උච්චාරණය | /nihoɴɡo/: [nihõŋɡo], [nihõŋŋo] |
ස්වදේශික වන්නේ | Japan |
ජන වර්ගය | Japanese (Yamato) |
ස්වදේශික හසුරුවන්නන් | 125 million (2010)[1] |
Japonic | |
ආදි ස්වරූප | Old Japanese
|
ලේඛන ක්‍රමය | |
Signed forms | Signed Japanese |
නිල තත්ත්වය | |
නිල භාෂාව වන ජාතිය | ![]() |
හඳුනාගත් සුළුතර භාෂාවක් වන ජාතිය | |
භාෂා කේත | |
ISO 639-1 | ja |
ISO 639-2 | jpn |
ISO 639-3 | jpn |
ග්ලොටෝලොග් | nucl1643 excluding Hachijo[2] |
ලින්ග්වාස්ෆියර් | 45-CAA-a |
ජපන් භාෂාව ඈත අතීතයේ දී චීනයේ සිට චීන භාෂාවෙන් පැවත ආ බව සැලකේ. එසේම අතීතයේ ජපන් ජාතිකයින් හට හෝඩියක් නොමැතිව සිටි අවස්ථාවේදී චීන වෙළෙන්දන්ගේ ව්‍යාපාර ජපානය හරහා සිදු කිරීමේදී මෙය ඇතිවිය. ජපන් භාෂාව, එම භාෂාවෙන් හඳුන්වන්නේ "නිහොන්ගො" "日本語" යන නමින් ය. තවමත් චීන අක්ෂර තරමක් වෙනස් වී කන්ජි අක්ෂර (Kanji) ”漢字”ලෙස ජපන් භාෂාවේ භාවිතයේ ඇත. ඊට අමතරව හිරගන (Hiragana) සහ කතකන (Katakana) යන අක්ෂර ද භාවිතා කරයි.
- කන්ජි : සාම්ප්‍රදායික ජපන් වචන ලිවීමට භාවිතා කරයි. බොහෝ විට එක කන්ජියකින් එක වචනයක තේරුමක් ඇත. මෙවැනි කන්ජි 3000ක් පමණ ඇති නමුත් සාමාන්‍යයෙන් ඉන් කන්ජි 2500ක් පමණ භාවිතා කරයි.
- හිරගන : ජපන් භාෂාවට ආවේනික වචන ලිවීමට මෙය භාවිතා කරයි. මෙය අකුරු 46 න් සමන්විත වන අතර එක් අකුරකින් එක් ශබ්දයක් පමණක් උපද්දවයි.
- කතකන : වෙනත් විදේශීය භාෂා වලින් ජපන් භාෂාවට පැමිණි වචන සහ නාමයන්, කතකනා අක්ෂර වලින් ලියයි. මෙය ද අකුරු 46 න් සමන්විතය.
- ජපන් බස ඉගැනුම ආරම්භ කරන්නන්ගේ පහසුව සඳහා "රෝමජි" (Rōmaji) "ローマ字"නමින්, ජපන් වචනයේ ශබ්දය ඉංග්‍රීසි අකුරු යොදා ලිවීමෙ ක්‍රමයක්ද ඇත.
හිරගන හෝඩිය
あ(අ) い(ඉ) う(උ) え(එ) お(ඔ)
か(ක) き(කි) く(කු) け(කෙ) こ(කො)
さ(ස) し(ෂි) す(සු) せ(සෙ) そ(සො)
た(ත) ち(චි) つ(ට්සු) て(තෙ) と(තො)
な(න) に(නි) ぬ(නු) ね(නෙ) の(නො)
ま(ම) み(මි) む(මු) め(මෙ) も(මො)
は(හ) ひ(හි) ふ(ෆු) へ(හෙ) ほ(හො)
ら(ර) り(රි) る(රු) れ(රෙ) ろ(රො)
わ(ව) を(වො) や(ය) ゆ(යු) よ(යො) ん(න්)
ආශ්‍රිත
මූලාශ්‍ර
- ^ "Världens 100 största språk 2010" (The World's 100 Largest Languages in 2010), in Nationalencyklopedin
- ^ Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "Nuclear Japanese". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology.
{cite book}
: Invalid|display-editors=4
(help); Unknown parameter|chapterurl=
ignored (help)