ජයන්ත ජයසූරිය

ජනාධිපති නීතිඥ
Jayantha Jayasuriya
ජයන්ත ජයසූරිය
47 වැනි ශ්‍රී ලංකාවේ අගවිනිසුරු
තනතුරුධාරී
තනතුර දරමින්
2019 අප්‍රේල් 29
Appointed byමෛත්‍රීපාල සිරිසේන
පූර්වප්‍රාප්තිකයානලින් පෙරේරා
45 වැනි ශ්‍රී ලංකාවේ නීතිපති
තනතුර දරමින්
2016 ජනවාරි 11 – 2019 අප්‍රේල් 29
Appointed byමෛත්‍රීපාල සිරිසේන
පූර්වප්‍රාප්තිකයායුවංජන විජයතිලක
අනුප්‍රාප්තිකයාදප්පුල ද ලිවේරා
පුද්ගලික තොරතුරු
උපත
ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය
උගත් ශාස්ත්‍රාලයමලියදේව විද්‍යාලය
ශ්‍රී ලංකා නීති විද්‍යාලය
වෙබ් අඩවියශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය

ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය, ජනාධිපති නීතිඥ ( ඉංග්‍රීසි: Jayantha Chandrasiri Jayasuriya) යනු 2019 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ 47 වැනි අගවිනිසුරුවරයා ලෙස කටයුතු කරන නීතිඥවරයෙකි. ජයසූරිය මහතා 2019 වර්ෂයේ අප්‍රේල් මස 26 දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරන ලද අතර දින තුනකට පසුව අප්‍රේල් මස 29 වන දින අගවිනිසුරු නලින් පෙරේරා මහතාගෙන් පසුව දිවුරුම් දුන්නේ ය.[1][2][3] ඔහු මීට පෙර ශ්‍රී ලංකාවේ 45 වැනි නීතිපතිවරයා ලෙස කටයුතු කළේ ය.[4] ජයසූරිය මහතා නීතිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා නෙරපා හැරීම ආරක්ෂා කළ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය අභිබවා ගියේ ය.[5] ජයසූරිය මහතා අගවිනිසුරු වීමට පෙර ජනාධිපති සිරිසේන මහතාගේ ධුර කාලය දීර්ඝ කරන ලෙස ආන්දෝලනාත්මක ලෙස ඉල්ලා සිටියේ ය. ශ්‍රේෂ්ඨාධිකරණය එම ඉල්ලීම ඉවත දැමී ය.[6]

ජයන්ත ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයකු ලෙස 1982 වර්ෂයේ දී දිවුරුම් දුන්නේ ය.ඉන් පසු රජයේ නීතීඥවරයෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුණු ඔහු නීතිපතිවරයා ලෙස පත්වීමට පෙර රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, අතිරේක සොලිසිටර් ජනරාල් සහ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යන තනතුරු හෙබවී ය. ජයසූරිය ඉගෙන ගත්තේ මලියදේව විද්‍යාලයේ ය.[7]

මූලාශ්‍ර

Preview of references

  1. ^ "CC approves Jayantha Jayasuriya as Chief Justice". www.dailymirror.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 26 April 2019.
  2. ^ "Jayantha Jayasuriya Sri Lanka's new Chief Justice". www.economynext.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 29 April 2019.[permanent dead link]
  3. ^ "Jayantha Jayasuriya appointed new Chief Justice". Colombo Gazette. 29 April 2019. සම්ප්‍රවේශය 29 April 2019.
  4. ^ Constitutional Council approves Jayantha as new Attorney General
  5. ^ "Court has no jurisdiction to hear FR petitions against dissolution: AG - Breaking News | Daily Mirror".
  6. ^ "Jayantha Jayasuriya Who Argued Sirisena Could Continue Until 2021 Likely to be Next Chief Justice". 23 September 2018.
  7. ^ Alwis, Kamani. "CC unanimously approves Jayantha Jayasuriya as CJ". Daily News (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 29 April 2019.