ඩෙවෝන් ඇල්ල

ඩෙවෝන් ඇල්ල
පිහිටීමශ්‍රී ලංකාව තලවකැලේ, ශ්‍රී ලංකාව
වර්ගයTiered[1]
සමස්ථ උසමීටර 97
පතන සංඛ්‍යාව3
ජල මූලාශ්‍රයකොත්මලේ ඔය

ඩෙවෝන් දිය ඇල්ල ශ්‍රී ලංකාවේ සුන්දර දිය ඇලි වලින් එකක්ය. නුවර එළිය දිස්ත්‍රික්කයේ තලවාකැලේට බටහිරින් A7 මාර්ගය ආශ්‍රිතව ඩෙවෝන් දිය ඇල්ල පිහිටා ඇත. දිය ඇල්ලට ඩෙවෝන් යන නාමය ඉංග්‍රීසි ජාතික පුරෝගාමි තේ වැවිලිකරුවෙකු වු ඩෙවෝන් මහතාගේ නාමය නිසා ලැබිණ. දිය ඇල්ලේ උස මිටර 97කි. ශ්‍රී ලංකාවේ දිය ඇලි වලින් උස අනුව ඩෙවෝන් දිය ඇල්ල 19 වැනි ස්ථානය ලබා ගනී. මුහුදු මට්ටමේ සිට මිටර 1140ක් උසකින් දිය ඇල්ල පිහිටා ඇත. ජල ප්‍රභවය කොත්මලේ ඔයයි.

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

  1. ^ "Devon Falls". www.worldwaterfallsdatabase.com. සම්ප්‍රවේශය 2008-12-24.
  • (සිංහල) Senanayake, Chanaka (2004). Sri Lankawe Diya Eli. Sooriya Publishers. ISBN 978-955-8892-06-0.
  • (සිංහල) Abhayawardhana, H.A.P. (2004). Kandurata Praveniya. Sri Lanka Central Bank. ISBN 978-955-575-092-9.

ඛණ්ඩාංක: 6°56′N 80°37′E / 6.933°N 80.617°E / 6.933; 80.617

බාහිර සබැදි