තවාන් පාලනය

පැල තාවානක්

තවානක් (ඉංග්‍රීසි:  plant nursery) යනු ක්ෂේත‍්‍රයේ යම් ස්ථානයක බීජ හෝ ශාක කොටස් රෝපනය කර වැවීමට සූදුසූ තරම් විශාල වන තෙක් ඒවා ආරක්ෂාකර තබා ගන්නා ස්ථානයකි. කුඩා පැළ වර්ෂාපතනය, උෂ්නත්වය හා ජල හිඟය, වැනි සාධක නිසා විනාශ විය හැකි බැවින් එම අහිතකර තත්වයන්ගෙන් ආරක්ෂා කිරීමට තවත් ඉවහල් වේ.

තවාන් අවශ්‍යතාව

තවාන කරුණු කිහිපයක් නිසා වැදගත් වේ.

නිරෝගි පැළ ලබාගත හැකි වීම

තවාන් ලෙස භාවිතා කරන්නේ කුඩා ප‍්‍රදේශයක් නිසා හොඳින් රැකබලා ගැනීමට ද පහසුවෙ.ඵම කුඩා බිමේ කුඩා පැළ අධික වර්ෂාව, අධික උෂ්නත්වය,සුළග කෘමිරෝග ආදියෙන් ආරක්ෂා කරගැනීමට පුළුවනි.ජලහිග අවස්තාවකදී ජලය සැපයීමද කළහැක.ආවරණ මගින් සෙවණ සැපයීමත්,පොහොර හා කෘමීරසායන යෙදීමත් පහසූ ‍වේ.

වගාබීමේ ඒකාකාර වගාවක් ඇතී කරගැනීම

තවාන් පැළ වගාබීමේ පැළ කිරීම මගීන් ඒකාකාර වගාවක් ඇතී කරගැනීමට හැකීවෙයි. පැළ කිරීම සදහා තවානෙන් ගලවා ගන්නේවඩා හොදීන් වැඩුනු පැළ පමණකි.ඵබැවින් වගා බිමේ ශාක ඉතා හොදින් හා පෘෂ්ඨිමත්ව වැ‍ඩෙනු ඇත.

අඩු බිජ පමාණයක් යෙදිය හැකි වීම

තවානක් දැමිමේදී අවශ්‍ය වන්නේ අඩු බීජ පමාණයකි .වී හා එලවළු වැනි වගාවන් සදහා බිජ වැපිරීම හෝ දැමිම කළහොත් විශාල බිජසංඛ්‍යාවක් වැය වේ. බටු වගාව සදහා බීජ දමන්නේ නමි හෙක්ටයාර් එකකට බිජ 80000 ක් පමණ අවශ්‍ය වේ. නමුත් තවාන් පැළ සිටුවන්නේ නම් පැළ 10000ක් ප‍්‍රමාණවත් වේ.

වගා බිම සකස් කර ගැනීමට කාලයක් ඉතිරි වීම

මෙය වාසියකි. එමෙන්ම වගා බිම සකස් කර ගන්නා කාලයේදී තවාන් පැල වලට වැඩි සාත්තුවක්ද දීමට හැකිය. ලීක්ස් වැනි බෝග සති 8-10 අතර පමාණයක් තවානේ පවතී.

පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය අඩුවෙන් යොදා ගැනීමට හැකි වීම

නෝකෝල් ගෝවා ආදී බෝගයක් සදහා සකස් කළ තවාන් බිම එම බෝගය වගා කළ හැකි බිමෙන් 240න් 1කි.එබැවින් එම බෝගයට පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය අඩුවෙන් අවශ්‍ය වෙයි.

පැළ වලට කෘමීන් වල් පැළ හා වෙනත් උපද්‍රව වලින් වන හානි අඩු විම

තවාන් පැළ වලට කෘමින් වල් පැළ හා වෙනත් උපදව වලින් වන හානි ද අඩුවේ. පැළ පේලියට සිට වූ විට වල් පැළ ඉවත් කිරිම පහසුය. සිටුවන පැළ නිරෝගී හා පෘෂ්ටිමත් නිසා රෝග වැළදිමදඅඩුය.කාලගූණ හෝ වෙනත් උපද්‍රව වලට ලක්විමේ අවදානමද අඩු වේ.

වැඩි අස්වැන්නක් ලැබිම

වැඩි අස්වැන්නක් ලැබිම ද තවාන් පැළ සිටුවම නිසා ඇතිවන පතිඵලයකි.වී වගාවේදි පැළ සිට වූ විට පදුරු දැමිම නිසා කරල් පමාණයවැඩිවී අස්වැන්න වැඩි වේ. වල් පැළ වලින් වන හානි අඩු වීම, ශාක නිරෝගිමත් වීම ආදි කරුණු නිසා ද අස්වැන්න වැඩි වේ.

තවාන් සදහා බිමක් තේරීම

තවානක් සදහා තෝරාගන්නා බිමෙහි බිම සමතලා වීම,පස සරු වීම,ගල් බොරලු නොමැතිවිම,ජලයෙන් යට නොවීම,පාංශු ඛාදනයට ගොදුරු නොවීම,වල් පැලෑටි නොමැතිවිම, හිරු ඵලිය හොදින් ලැබෙන තැනක් විම,ආලෝකය හෝ සෙවන සැපයීමට හැකිවිම,ජල වහනය තිබීම.

තවානක් පිලියෙල කරන ආකාරය

පැළ තවාන් පිලියෙල කිරිම සදහා පියවර කීපයක් අවශ්‍ය වෙයි.

තවාන් බිම සකස් කිරීම

තවාන් බිම සකස් කිරීමෙි දී වල් පැල ඉවත් කිරීම, පස ‍සෙ.මී25ක් වන ගැඹුරට පෙරලා පසේ බෙරලු හා ශාක කොටස් ඉවත් කිරීම ,පසේ කැට පොඩි කර අවශ්‍ය පරිදි සකස් කිරිම අවශ්‍ය වේ.

තවාන් මිශ‍්‍රණය සැකසීම

මේ සදහා බෝගවගා නොකල ස්ථානයකින් පස් ලබා ගැනිමත්,පස් සියුමී දැලකින් හලා ගැනිමත්,ඊට සමාන හොදින් දිරු ගොම හෝකොමිපෝස්ටි ගෙන මිශ‍්‍රකර පාත්තියේ මතු පිට යෙදිය යුතුය.සියුමි පසේ ඡලය හොදින් උරා ගැනිම,මුල් නොකැඩි පැල ගැලවීමද කල හැකිය.

තවාන ජීවානුහරණය කිරීම

මෙය,

තවාන පිලිස්සීම

තවාන පිලිස්සීම සදහා අතුරන ලද පස් මිශ‍්‍රණය ජලයේ තෙමා ඵ්වා මත පිදුරු හා දහයියා තටිටු වශයෙන් අතුරා යටට ඇති පිදුරු තටිටුවට ගිනි තබා සියල්ල පිලිස්සණු පසුව නැවත පෙර පරිදිම පිදුරු හා දහයියා ගිනි තබා අළු ඉවත් කළ යුතුය.

දිලිර නාශක යෙදීම

දිලීරනාශක ඉසිමෙන් දිනකට හෝ දෙකකටපසුව බීජ සිටුවිය යුතුය. තවාන ධුමකරණය කිරිමෙන් පාත්තිය පොලිතීන් වලින් ආවරණය කර ඊට යටින් මීතයිල් බ්‍රෝමයිඩී යෙදිය හැකිය.එවිට එම රසායන ද‍්‍ර‍්‍රව්‍ය ධුමසාරයක් ලෙස පැතිර ජීවානුහරණය වෙයි.

බීජ ප‍්‍රතිකාර සිදු කිරිම

මෙහිදි බීජ අක‍්‍රියතාවය ඉවත් කිරිම කළ යුතුය. බීජාවරණය ඉවත් කිරිම අඹ,දෙහි,දෙඩමි වැනි බිජ සදහා සිදු කෙරේ. වි,මෑ බෝචි , බිජ සදහා බිජ පෙඟවිම අවශ්‍ය ය. බිජ පලුදු කිරිම තේ ආදි බිජ වලටත්, බිජ, පිලිස්සීම පැපොල් ආදි බිජ සදහාත් බිජ සේදිම පැෂන්, තක්කාලි,ඇන්තුරියම් වැනි බිජ සදහා සිදු කෙරේ. ශිත කිරිම ,උණුසුම් කිරිම, ආලෝකය සැපයිම ආදි ප‍්‍රතිකාර ද සිදු කරයි.

කෙරේ්්.ශිත කිරිම,උණුසුමි කිරිම ආලෝකය සැපයිම ආදි ප‍්‍රතිකාරද සිදු කෙරේ්්. ජිවානුහරණය සදහා බිජවලට දිලිර නාශක කුඩු මිශ‍්‍ර කිරිම, බිජ දිලිර නාශක දියරයක ගැල්විම කළ යුතුය.

තවානේ බිජ තැන්පත් කිරිම

මිරිස් ,ගෝවා,නෝකෝල්, තක්කාලි, වැනි බිජ විසුරුවා හැරිම මගිනුත් දුමිකොළ වැනි බිජ වැලි හෝ ජලය සමග මිශ‍්‍රකර ඉසිම කළහැකිය. බිජ පේලි වලට සිටු විමෙන් පැල වලට සාත්තු කිරිමට හැකි නිසා බිජ සාර්ථකව වැඩේ.

තවාන වසුන් කිරිම

තවානේ තෙතමනය ආරක්ෂා කිරිම, සූර්යාලෝකයෙන් වන හානි,උෂ්ණත්වයෙන් වන හානි,වල් පැල වැවිම ආදිය වැලැක්විම වසුන් යෙදිම මගින් සිදු වෙයි. පිදුරු,ගෝනි,මානමි,තෘණ මෙි සඳහා යොදා ගනී.

තවාන් නඩත්තුව

බිජ සිටුවිමෙන් පසු තවාන් රැකබලා ගැනිම තවාන් නඩත්තුව නම්ී වෙි,තවාන් නඩත්තුවට අයත් කාර්යන් පහත පරිදි වෙයි.

වල් මර්ධනය

මෙය සැලකිල්ලෙන් කළ යුතුය.අතින් වල් ඉවත් කළ යුතුය. වල් පැල සමග බිජ පැළ ගැලවි යාමටද බිජ පැළවලට හානි වන්නටද පුළුවනි.මේ නිසා වල් නෙලිම ප‍්‍රවේසමෙන් කළ යුතුය.

හානි කරන සතුන් මර්ධනය

හානි කරන කෘමි සතුන් හා කෘමි නොවන සතුන් මර්ධනය අවශ්‍ය වේ.කුහුඹුවා,වේයා බිජ හා බිජමුල් වලට හානකර වේ. බිජ තැන්පත් කිරිමට පෙර තවානට කාමිනාශක යෙදිමෙන් සතුන් මර්ධනය කළ හැකිය.කාමිනාශක ඉසීමෙන් කොළ වලට හානි කරන කූඹින්,දළඹුවන් පැළ මැක්කන් මර්ධනය කළ හැකිය.

රෝග මර්ධනය

පීතියමී ඩෙබරියාමී,පියුසේරියමී ඔක්සිපෝරම් යන දිලීර නිසා වැළදෙන දියමලන්කෑම වැනි රෝග මර්ධනය අවශ්‍ය වෙයි. ශාකයේ කඳ කුණුවීම, මුල් කූණු වීම,බීජ පත‍්‍ර මලානික විම හා එල්ලා වැටිම, පැලය මුලින් කඩා වැටිම, පැලය මැරියාම ආදිය රෝග ලක්ෂණ වේ..පස බුරුල් කිරීමෙන්, දිලිර නාශක යෙදීමෙන්, රෝග වැළඳුන පැළ පස් සමඟ ඉවත් කිරිමෙන් රෝග මර්ධනය කළ හැකිය.

ජලය සැපයිම

වසුන් දැමීමෙන් පසු තවානකට ජලය සැපයිය යුතූය.බීජ පැළ වීමට තෙතමනය අවශ්‍ය බැවින් බීජවලට හා පැළ වලට හානි නොවන සේ ජලය සැපයිය යුතුය.පොහොර යෙදිම අවශ්‍යනමී ජලය සමඟ මිශ‍්‍රකළ යූරීයා ඉසිම කළ හැකිය.

සෙවන සැපයීම

වැස්සෙන්,හිරු එළියෙන් පැළ ආරක්ෂා කිරිමට හා තෙතමනය ලබා දීමට සෙවන සැපයීය යුතුය. මේ සඳහා දැල්ගෝනි ,කොළඅතු,බටපතුරු ,පොලිතීන් ආදිය යොදා සෙ,මී 15ක් පමණ ඉහලින් ආවරණය කිරිම අවශ්‍ය වෙයි.

පැළ දැඩි කිරීම

පැළ ගැලවීමට සතියකට පෙර සෙවන අඩු කිරීම. අවශ්‍ය නමි පොහොර කෘමිනාශක හා දිලීරනාශක යෙදීම පැළ ගැලවීමට පැය 12කට පමණපෙර තවානට ජලය සපයා පස තෙත් කල යුතුය. මුල් වලට හානි නොවන සේ ගලවා ඉක්මනට ස්ථර භුමියේ සිටුවා අවශ්‍ය නමි සෙවන ලබා දිය යුතු නොවෙයි.

අඩවියෙන් බැහැර පිටු

ප්‍රදේශයේ වගාව[permanent dead link] යයන්ත්‍රානු සාරයෙන් වී වගා කිරීම සදහා ඩැපොග් තවාන් යොදා ගනී..