තුරඟ තරග

තුරඟ තරග
ආලිංටන් පාක් හී තුරඟ තරග, 2007
උසස්ම පාලන මණ්ඩලයසාමාන්‍ය වශයෙන් තෝරාගත් ජාතික හෝ ප්‍රාදේශීය පාලක මණ්ඩල විසින් නියාමනය කෙරෙයි
ගුණාංග
සම්බන්ධයනැත
මිශ්‍ර ලිංගඔව්
උපකරණඅශ්වයා, සුදුසු අශ්ව මං පෙත
ස්ථානයඅශ්වයන්ට සුදුසු තණ, ධූලි හෝ කෘත්‍රිම තරග මං තීරු පෘෂ්ඨ
පැවතීම
රට හෝ ප්‍රදේශයලෝක ව්‍යාප්ත
ඩූවිල් හීදී බාධක අශ්ව දිවුම තරග
ඇඩිලේඩ් හිදී සන්නාහ අසුන් දිවවීම

තුරඟ තරග යනු, අශ්වයන් සම්බන්ධ ක්‍රීඩාවක් වන අතර, එහිදී වේදුරුවන් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙක්, නියමිත දුරක් තුල තරගයට අසුන් දුවවති. සමස්ත ක්‍රීඩා අතුරින් වඩාත් පුරාතන ඒවා අතුරින් එකක් වන එහි, මූලික සාධ්‍යය - නියමිත ගමන් මගෙහි හෝ දුරෙහි හෝ වේගවත්ම වන්නේ කුමන අසුන් දෙදෙනා හෝ කිහිප දෙනාද යන බව හඳුනාගැනීම සඳහා - , ආදිතම කාලයන්හී පටන් නොවෙනස්ව පවතයි.[1]

පවත්වන ආකෘතිය අනුව තුරඟ තරග විවිධ ස්වරූප ගනියි. බොහෝවිට, ඔවුන්ගේම සුවිශේෂ තුරඟ තරග සම්ප්‍රදායන්, රටවල් විසින් විකාස කර ගෙන ඇත. ප්‍රභේදනයන්ට අයත් වන්නේ, තරග සඳහා විශේෂිත අභිජාතීන් පමණක් යොදා ගැනීම, බාධක මතින් අසුන් දිවවීම, විවිධ දුර ප්‍රමාණයන් ඔස්සේ අසුන් දිවවීම, විවිධ මං තීරු පෘෂ්ඨයන් ඔස්සේ අසුන් දිවවීම සහ විවිධ ගමන් ලීලා සමගින් අසුන් දිවවීම වෙති.

සමහරවිට අසුන් තරගයෙහි යොදවන්නේ හුදෙක් ක්‍රීඩාවක් වශයෙන් පමණක් වුවද, තුරඟ තරගයන්හී ප්‍රධාන උනන්දුව සහ ආර්ථික වැදගත්කම රඳා පවතින්නේ එය හා බැඳි සූදුව මත වන අතර, [2] මෙම ක්‍රියාකාරිත්වය විසින් 2008 වසරෙහිදී US$115 බිලියන පමණ ලෝක-ව්‍යාප්ත වෙළෙඳ පොළක් ජනිත කරලීය.[3]

ආශ්‍රිත

  1. Cite warning: <ref> tag with name EB cannot be previewed because it is defined outside the current section or not defined at all.
  2. Cite warning: <ref> tag with name GamblingImpactStudy cannot be previewed because it is defined outside the current section or not defined at all.
  3. Cite warning: <ref> tag with name Intfed cannot be previewed because it is defined outside the current section or not defined at all.