පළමුවන ලම්බකර්ණ රාජවංශය

ලම්කබර්ණ(ලම්භකන්න,ඩීර්ඝ කන් ඇත්තා) රාජවංශය ශ්‍රී ලංකාව පාලනය කල ප්‍රභල රාජ පෙළපතක් වෙ.වසභ රජතුමාගෙන් පසු මහනුවර රාජධානිය තෙක් ලක්දිව පාලනය කල සියලුම රජවරු ලම්බකර්ණ රාජ්‍ය පෙළපතේ හෝ එයට නෑකම් කියයි.

පටන්ගැන්ම

මෙම රාජ්‍යවංශය පිළිබධ පළමු සදහන සදහන් වෙන්නේ මහාවන්ශයෙ ඉලංග රජුගේ පාලන සමයෙයි. එහි සදහන් වන්නේ ලම්කබර්ණ රාජකීය සේවකයින් ලෙස කටයුතු කරබවයි.ඔවුහු ඉලංග රජතුමාව තිසා වැවට කටුව ගිය බවයි.පසුව ඔවුහු රජතුමාව එහි තනිව දමා නැවත පැමිණිය බවත්ය. නමුත් වසර ගණනාවකට පසු වසභ රජතුමාගෙන් පසුව සිය රාජවංශය පිහිටුවීය. කෝට්ටේ යුගයේ ප්‍රභවයන්ට අනුව ශ්‍රී මහා බෝධි වෘක්ෂය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී ඇත්තේද මෙම රාජ වංශයටයි.

ශිලාලේඛන හා සාහිත්යයෙහි පරිශීලන

"ලාමානි" "මහලේ" වැනි පදවි නාමයන් ලම්බකර්නයන් භාවිතා කළ අතර, මේ පිලිබදව ශිලාලේඛන හා සාහිත්යයේ නිතර නිතර සටහන් වේ. දීපවංශයට අනුව, ශ්‍රී මහා බෝධියෙහි ආරක්ෂකයන් ලෙස මොවුන්ව නම් කර ඇත. මීට අමතරව, මහාවංශයේ සදහන් වන ලෙස මංගල උත්සව වලදී  ධජය දරන්නන් ලෙස නම් කර ඇත. ආයුධ පිළිබද හසල දැනුමක් ඇති ලම්බකර්නයන් යුද නායකයන් ලෙසද කටයුතු කර ඇත.

පරිශීලන