පෙන්ටගන් ලියකියවිලි

පෙන්ටගන් ලියකියවිලි වල කොටසක් ලෙසින් ප්‍රකාශ කෙරුණු, ඉන්දුචීනයේ විමතික ක්‍රියාකාරකම් දැක්වෙන සීඅයිඒ සිතියමක්

නිල වශයෙන් එක්සත් ජනපදය – වියට්නාම සබඳතා, 1945–1967: ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙතින් සැකසුනු අධ්‍යයනයක් ලෙසින් හැඳින්වෙන, පෙන්ටගන් ලියකියවිලි යනු, 1945 සිට 1967 දක්වා වියට්නාමය තුල එක්සත් ජනපදයෙහි දේශපාලන-හමුදාමය පටලැවුම පිළිබඳ එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තු ඉතිහාසය වෙයි. ඩැනියෙල් එල්ස්බර්ග් විසින් අනාවරණය කොට ගෙන, මුදාහැරුණු මෙම ලියකියවිලි, මහජනයාගේ අවධානයට මුලින්ම පාත්‍රවූයේ 1971දී ද නිව්යෝර්ක් ටයිම්ස් සඟරාවේ මුල් පිටුවේය.[1] ද නිව්යෝර්ක් ටයිම්ස් 1996 ලිපියක් විසින් පැවසුනේ, අනෙකුත් කරුණු අතර, පෙන්ටගන් ලියකියවිලි විසින් ප්‍රදර්ශනය කෙරුණේ, ජොන්සන් පරිපාලනය විසින් "මහජනයාට පමණක් නොව කොංග්‍රස් මණ්ඩලයටද ක්‍රමානුකූල ලෙස බොරුකියා ඇති බවයි."[2]

විශේෂිත වශයෙන් පැවසුවොත්, මෙම ලියකියවිලි වෙතින් හෙළිදරව් වූයේ, අසබඩ කාම්බෝජය සහ ලාඕසය වෙත බෝම්බ හෙළීමෙන්ද, උතුරු වියට්නාමයේ වෙරළබඩ ආක්‍රමණයන් වෙතින්ද සහ, නාවික භට හමුදා ප්‍රහාර අනුසාරයෙන්ද, එ.ජ. විසින් රහසේ වියට්නාම් යුද්ධයේ තරාතිරම විස්තාරණය කර ඇති බවත්, මේ කිසිවක් මුඛ්‍යධාරා මාධ්‍යය තුල වාර්තා වී නොමැති බවත්ය.[3]

ඔහු විසින් පෙන්ටගන් ලියකියවිලි නිරාවරණය කිරීම වෙනුවෙන්, කුමන්ත්‍රණය, ඔත්තු බැලීම සහ රජයේ දේපළ සොරකම් කිරීම යන දේ සඳහා එල්ස්බර්ග් වෙත මුලදී චෝදනා එල්ලකෙරුණු නමුදු, එල්ස්බර්ග් අපකීර්තියට පත් කිරීමට අනීතික ප්‍රයත්නයන් දරන ලෙසින්, නික්සන් පරිපාලනය විසින් ඊනියා ධවල මන්දීර නළනැමියන් වෙත නියෝග දී ඇති බව, වෝටර්ගේට් අපවාදය විමර්ශනය කරන අභිචෝදකයන් විසින් නිරාවරණය කර ගැනුමෙන් පසුව එම චෝදනා අත්හරින ලදි.[4]

2011 ජූනි මාසයේදී, පෙන්ටගන් ලියකියවිලි සම්පූර්ණ ගොන්නම රහස් ලිපි නොවන ලෙසට වර්ගීකරණය කෙරෙමින් මහජනයාට නිකුත් කෙරිණි.[5]

ආශ්‍රිත

  1. ^ "ද පෙන්ටගන් පේපර්ස්". 1971 ඉයර් ඉන් රිවීව්. UPI. 1971. සම්ප්‍රවේශය 2010-07-02.
  2. ^ ඇප්ල්, ආර්.ඩබ්. (1996-06-23). "පෙන්ටගන් පේපර්ස්". ද නිව්යෝර්ක් ටයිම්ස් (නිව්යෝර්ක්). http://www.nytimes.com/1996/06/23/weekinreview/25-years-later-lessons-from-the-pentagon-papers.html?ref=pentagonpapers. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2013-10-23. 
  3. ^ Cite warning: <ref> tag with name '70s 43 cannot be previewed because it is defined outside the current section or not defined at all.
  4. ^ "ද වෝටර්ගේට් ස්ටෝරි". ද වොෂිංටන් පෝස්ට්. සම්ප්‍රවේශය 26 ඔක්තොම්බර් 2013. පෙන්ටගන් ලියකියවිලි විත්තිකරු ඩැනියෙල් එල්ස්බර්ග්ගේ මනෝචිකිත්සකයාගේ කාර්යාලය බිඳීමට සැලසුම් විස්තර සහිතව දක්වමින් ජෝන් අර්ලික්මන් වෙත යොමු කර තිබුනු සිහිපතක් වෝටර්ගේට් අභිචෝදකයන් විසින් සොයා ගත් බව, ද පෝස්ට් විසින් වාර්තා කරයි. {cite web}: Italic or bold markup not allowed in: |publisher= (help)
  5. ^ "පෙන්ටගන් පේපර්ස්". හිස්ට්‍රි (රූපවාහිනී නාලිකාව). සම්ප්‍රවේශය 26 ඔක්තොම්බර් 2013.