බෙන් කින්ග්ස්ලි
ශ්‍රීමත් බෙන් කින්ග්ස්ලි (උපත 31 දෙසැම්බර් 1943 ) බ්‍රිතාන්‍ය ජාතික රංඟන ශිල්පියෙකි. ඔහුට ඇක්ඩමි ,බෆ්ටා, ගෝල්ඩ්න් ග්ලෝබ් සම්මාන දිනා ගැනීමට ඔහුගේ සිනමා ජීවිතය තුළදී ඔහුට හැකිවිය. ඔහුව වඩාත්ම ප්‍රසිද්ධියට පත් වුයේ “Gandhi “ චිත්‍රපටියේ “Mohandas Gandhi” චරිතය නිරූපණය කිරීමෙනි. මෙම රංඟනය වෙනුවෙන් ඔහු හොඳම නළුවා ලෙස ඇකඩමි සම්මානයෙන් පිදුම් ලබීය. බෙන් කින්ග්ස්ලි උපත ලැබුවේ ස්කාබරෝ නුදුරුව පිහිටි පැන්ඩ්ල්බරී වලය. ඔහුගේ පියා වෛද්‍යවරයකු වු අතර මව නිළියක හා නිරූපණ ශිල්පිණියක වූවාය. කින්ග්ස්ලි ගේ පියා උපත ලබා ඇත්තේ කෙන්යාවේදීය. කින්ග්ස්ලි ගේ මවගේ පියා රුසියානු හෝ ජර්මන් ජාතිකයකු බවට විශ්වාස කෙරේ. කුඩා කල කින්ග්ස්ලි හැදී වැඩුණේ ස්කාබරෝ වලට නුදුරු සැල්ෆොර්ඩ් වලය. කුඩා කල “Manchester Grammar School” පාසැලට අතුලත් වුවේය. ඔහුගේ පන්තියේ මිතුරා වුයේ පසු කාලයකදී ජනප්‍රිය නළුවෙකු වු රොබට් පවෙල් ය. සැල්ෆ්‍රඩ් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබාගත් ඔහු තම රංඟන ජීවිතය ආරම්භ කළේ වේදිකාවෙනි. මේ කාලයේදී ඔහු තම නාමය වෙනස් කරගත්තේ ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට එය බාධාවක් වේ යැයි සිතූ නිසාය.