මරීයා මොන්ටසෝරි

මරීයා මොන්ටසෝරි
උපතඅගෝස්තු 31, 1870(1870-08-31)
චැරවල් (අන්කෝනා), ඉතාලිය
මියගිය දිනයMay 6, 1952(1952-05-06) (වයස 81)
නෝර්ඩ්වයික්, නෙදර්ලන්තය
සතපවන ලද තැනනොර්ඩ්වයික්, නෙදර්ලන්තය
ජාතිකත්වයඉතාලියානු
අධ්‍යාපනයරෝම් ලාස් පියෙන්සා විශ්වවිද්‍යාලය වෛද්‍ය පාසැල
රැකියාවවෛද්‍යවරයා සහ අධ්‍යාපනඥයා
ප්‍රසිද්ධව ඇත්තේමොන්ටසෝරි අධ්‍යාපන ක්‍රමයෙහි නිර්මාතෘ
දරුවන්මාරියෝ මොන්ටසෝරි ජ්‍යෙ.
ආගමකතෝලික
අත්සන
1880 දී පමණ මරීයා මොන්ටසෝරිගේ ඡායාරූපයක්

මරීයා මොන්ටසෝරි (අගෝස්තු 31, 1870 – මැයි 6, 1952) යනු ඉතාලි ජාතික වෛද්‍යවරියක් සහ අධ්‍යාපනඥයක, සංගණ්‍ය මානවවාදියෙක් සහ සැදැහත් කතෝලිකයෙක් වූ අතර ඇය බොහෝ අය දන්නේ ඇයගේ නම දරන අධ්‍යාපන චින්තනය හේතුවෙනි. ඇයගේ අධ්‍යාපන ක්‍රමය ලොව පුරා රජයේ හා පෞද්ගලික පාසැල් වල වර්තමානයෙහි භාවිතා වෙයි.

ජීවිතය හා වෘත්තිය

මොන්ටසෝරි මෙතඩ් සංරක්ෂණය කළ පිටපත 2012-09-01 at the Wayback Machine

උපත හා පවුල

මරීයා ටෙක්ලා ආටමීසියා මොන්ටසෝරි 1870, අගෝස්තු 31 දින උපත ලද්දේ ඉතාලියේ චැරවල් හිදීය. එකල 33 වන වියෙහි පසුවූ ඇයගේ පියා ඇලෙස්සන්ඩ්‍රෝ මොන්ටසෝරි, රජය-යටතේ පැවති දේශීය දුම්කොළ කම්හලක සේවය කල මුදල් අමාත්‍යාංශ නිලධාරියෙක් විය. 25 වියෙහි පසුවූ ඇයගේ මව, රෙනිල්ඩේ ස්ටොප්පානි, එකල අනුව හොඳ අධ්‍යාපනයක් ලබා සිටි අතර ඉතාලි භූවිද්‍යාඥ හා පාෂාණ ධාතු විද්‍යාඥ අන්ටෝනියෝ ස්ටොප්පානි ගේ ඥාතියෙක් යැයි බොහෝ විට අනුමාන කෙරෙයි.[1]

1883–1896: අධ්‍යාපනය

මුල් අධ්‍යාපනය

මොන්ටසෝරි පවුල 1873 දී ෆ්ලොරන්ස්හී පදිංචියට පැමිණි අතර ඉන් පසු 1875 දී රෝමයට පැමිණියේ ඇයගේ පියාගේ රැකියාව හේතුවෙනි. 1876දී වයස අවුරුදු 6 වත්ම මොන්ටසෝරි රජයේ මූලික පාසැලකට ඇතුලත් වූවාය. ඇයගේ මුල්ම පැසැල් වාර්තාවෙහි දැක්වුනේ "එතරම් සැලකිය යුතු තත්ත්වයක නොමැත"[2] වුවද, පළමුවන ශ්‍රේණියෙහි හොඳ පැවැත්ම සඳහාද ඊලඟ වසරෙහිදී "ලවෝරි ඩොන්නෙස්චී", හෝ "ගැහැණුන්ගේ වැඩ" සඳහාද සහතික ලද්දාය.[3]

ද්වීතියික පාසැල

1883දී[4] හෝ 1884දී,[5] වයස 13 වෙත්ම, රෙජීයා ස්කෝලා ටෙක්නිකා මිකිලැන්ජලෝ බුනරෝටි නම්වූ ද්වීතියික, තාක්ෂණික පාසැලට ඇතුළුවූ මොන්ටසෝරි, ඉතාලි භාෂාව, අංක ගණිතය, වීජ ගණිතය, ජ්‍යාමිතිය, ගණකාධිකරණය, ඉතිහාසය, භූගෝල විද්‍යාව, සහ විද්‍යාවන් උගත්තාය. 1886දී ඇය උපාධි සහතිකය ලද්දේ හොඳ ලකුණු සහ විභාග ප්‍රතිඵල සමගිනි. එම වසරෙහිදී, වයස අවුරුදු 16 වත්ම, රේජියෝ ඉන්ස්ටිටූටෝ ටෙක්නිකෝ ලියනාර්ඩෝ ඩ වින්චි නම්වූ තාක්ෂණික ආයතනයේ තම අධ්‍යාපනය පවත්වාගෙන ගිය ඇය, ඉතාලි භාෂාව, ගණිතය, ඉතිහාසය, භූගෝල විද්‍යාව, ජ්‍යාමිතිය සහ භූෂිත ඇඳීම, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, උද්භිද විද්‍යාව, සත්ත්ව විද්‍යාව, සහ විදේශීය භාෂාවන් දෙකක් හැදෑරූවාය. විද්‍යාවන් පිළිබඳ ඈ සමත්කම් දැක්වූ අතර විශේෂයෙන් ගණිතය ගැන හසලතාවක් ප්‍රදක්ෂිණා කලාය. උපාධි හැදෑරීම අවසන් කල විට ඉංජිනේරු විද්‍යාව අධ්‍යයනය කිරීමෙහි අභිලාෂයක් මුලදී ඇය වෙත පැවති අතර, ඇයගේ කාලයෙහි හා ඇය වැසි රටෙහි මෙම අභිප්‍රාය කාන්තාවකට අසාමාන්‍ය අපේක්ෂාවක් ලෙසින් සැලකිණි. කෙසේවෙතත්, වයස අවුරුදු 20 පත්වත්ම 1890දී ඇය භෞතික විද්‍යාව-ගණිතය වෙතින් සහතිකය සමග උපාධිය ලබත්ම, පළමු අදහස වෙනස්වී, වෛද්‍ය විද්‍යාව හැදෑරීමෙහි විකල්ප අභිලාෂයක් ඇය වෙත ඇති ව තිබූ අතර මෙම අපේක්ෂාව එ කල පැවැති සංස්කෘතික නියාමයන් අනුව වඩාත් අසාමාන්‍ය එකක් ලෙසින් සැලකිණි.[6]

සාම්ප්‍රදායික ගවුමකින් සැරසුනු මරීයා මොන්ටසෝරි.
නෙදර්ලන්තයේ නෝර්ඩ්වයික් හී පිහිටි මරීයා මොන්ටසෝරිගේ සොහොන

රෝම විශ්වවිද්‍යාලය—වෛද්‍ය පාසැල

වෛද්‍ය විද්‍යාව හැදෑරීමේ ඇයගේ අධිෂ්ඨානය ඉටු කර ගැනීමේ පරමාර්ථයෙන් මොන්ටසෝරි ඉදිරියට ගියාය. රෝම විශ්වවිද්‍යාලයෙහි සායනික වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යය ගුයිඩෝ බාචෙලි වෙත ඇය විසින් ආයචන ඉදිරිපත් කලද ඇයගේ අදහස තදින් අධෛර්යමත් කෙරිණි. කෙසේවෙතත්, 1890දී, ස්වභාවික විද්‍යාව පිළිබඳ උපාධි පාඨමාලාවක් සඳහා ඇය රෝම විශ්වවිද්‍යාලයට ඇතුළුවී, උද්භිද විද්‍යාව, සත්ත්ව විද්‍යාව, පර්යේෂණාත්මක භෞතික විද්‍යාව, පටක විද්‍යාව, ව්‍යුහ විද්‍යාව, සහ සාමාන්‍ය හා කාබනික රසායන විද්‍යාව, යන්නෙන් පරික්ෂණ සමත්ව, 1892දී ඇයගේ ඩිප්ලෝමා ඩි ලිචෙන්සා ලබා ගත්තාය.

සටහන්

  1. ^ Kramer, 24; Trabalzini, 13
  2. ^ Trabalzini 7
  3. ^ Kramer 27
  4. ^ Kramer 31
  5. ^ Trabalzini 8
  6. ^ Kramer 32–33; Trabalzini 7–8