මලයාසියාවෙහි අග්‍රාමාත්‍යවරයා

මලයාසියාව අග්‍රාමාත්‍යවරයා
Perdana Menteri Malaysia
මලයාසියාවෙහි වංශවිහ්නය
අග්‍රාමාත්‍ය කාර්යාලයෙහි ලාංඡනය
තනතුර ධාරී
අන්වාර් ඊබ්‍රාහීම්

24 නොවැම්බර් 2022 සිට
මලයාසියානු රජය
අග්‍රාමාත්‍යවරයාගේ දෙපාර්තමේන්තුව
ශෛලීයඅග්‍රාමාත්‍යවරයා
(අවිධිමත්)
යං අමෙත් බෙහෝමත්
(විධිමත්)
අති ගරු
(පොදු රාජ්‍ය මණ්ඩලය තුල)
අත්‍යුත්තමයා
(රාජ්‍යතාන්ත්‍රික)
මෙහි සාමාජිකයෙකි
  • කැබිනට් මණ්ඩලය
  • අග්‍රාමාත්‍යවරයාගේ දෙපාර්තමේන්තුව
  • ජාතික මුදල් කාර්යාංශය
  • ජාතික ආරක්ෂක කාර්යාංශය
  • නියෝජිත මන්ත්‍රී මණ්ඩලය
මොහුට වාර්තා කරයිපාර්ලිමේන්තුව
නිවහනසරී පර්ඩානා, පුත්‍රාජයා
ආසනයපර්ඩානා පුත්‍රා, පුත්‍රාජයා
පත් කරන්නායං ඩී-පර්තුවාන් අගොං
ධූර කාල ප්‍රමාණයවසර පහක්, යළි පත් කල හැකි
සංස්ථාපන ලිඛිතයමලයාසියාවෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
සමාරම්භක දරන්නාතුන්කු අබ්දුල් රහ්මාන්
සංස්ථාපනය31 අගෝස්තු 1957; වසර 67 ක් පෙර (1957-08-31)
වැටුපRM22,826.65 (අන්වාර් ඊබ්‍රාහීම් විසින් අහෝසි කරන ලදි)[1]
වෙබ් අඩවියpmo.gov.my/

මලයාසියාවෙහි අග්‍රාමාත්‍යවරයා (මැලේ: Perdana Menteri Malaysia; Jawi: ڤردان منتري مليسيا) යනු, මලයාසියාවෙහි රජයෙහි ප්‍රධානියා වෙයි. අග්‍රාමාත්‍යවරයා, ෆෙඩරල් රජයෙහි විධායක පාර්ශවයෙහි පෙරමුණ ගනියි. ඔහුගේ අදහස අනුව මන්ත්‍රීවරුන් බහුතරයකගේ විශ්වාසය දිනාගත හැකි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් (පාම), යං ඩී-පර්තුවාන් අගොං විසින් අග්‍රාමාත්‍යවරයා ලෙසින් පත් කරනු ලබයි; මෙම පුද්ගලයා සාමාන්‍යයෙන් මහා මැතිවරණයක බහුතරයක් ආසන දිනාගන්නා පක්ෂයෙහි නායකයාය.

1963 සැප්තැම්බර් 16 දිනදී මලයාසියාව සංස්ථාපනය කිරීමෙන් අනතුරුව, මලයා ෆෙඩරේෂනයෙහි ප්‍රධාන අමාත්‍යවරයාවූ තුන්කු අබ්දුල් රහ්මාන් මලයාසියාවෙහි පළමුවන අග්‍රාමාත්‍යවරයා බවට පත්විය.

පත්කිරීම

පර්ඩානා පුත්‍රා, පුත්‍රාජයා හී පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය

ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදී, යං ඩී-පර්තුවාන් අගොං විසින් පළමුවෙන් කැබිනට් මණ්ඩලයෙහි ප්‍රධානියා ලෙසින් ක්‍රියා කිරීමට අග්‍රාමාත්‍යවරයෙක් පත් කරයි. අග්‍රාමාත්‍යවරයා දේවන් රහ්යෙත් (නියෝජිත මන්ත්‍රී මණඩලය) හී සාමාජිකයෙක් විය යුතු අතර, මහා රජාණන්ගේ විනිශචය පරිදී එම මණ්ඩලයෙහි මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයකගේ කැමැත්ත දිනා ගැනීමට හැකි අයෙකු විය යුතුය. මෙම පුද්ගලයා මලයාසියානු පුරවැසියෙකු විය යුතු මුත්, පුරවැසිභාවයට ඇතුළත් කිරීම හෝ ලියාපදිංචිය මගින් හෝ පුරවැසිභාවය ලබා ගත්තෙකු නොවිය යුතුය. යං ඩී-පර්තුවාන් අගොං විසින් අනෙකුත් ඇමතිවරුන් දේවන් රහ්යෙත් හෝ දේවන් නෙගාරා (සෙනෙට් මණ්ඩලය) හෝ වෙතින් පත් කරනු ලබන්නේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදීය.

Preview of references

  1. ^ "CPPS පොලිසි ෆැක්ට්ෂීට්: රෙමියුනරේෂන් ඔෆ් ඉලෙක්ටඩ් ඔෆීෂියල්ස් ඉන් මැලේෂියා" (PDF). Centre for Public Policy Studies. 11 May 2016 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 මැයි 2016.