මානසික සෞඛ්‍යය

මානසික සෞඛ්‍යය මගින් චිත්ත හැඟීම් හෝ ගුණාත්මක යහ පැවැත්ම හෝ මානසික රෝග හෝ නොමැති බව විස්තර කරයි. ධනාත්මක මනෝවිද්‍යාව හා ස්ථිර මානසික සෞඛ්‍යය අන්‍යෝන්‍යව සිතා බලන කල පුද්ගලයෙකුගේ ජීවිතය විඳීමට ඇති හැකියාව, ජීවිතයේ ක්‍රියාකාරකම් අතර සමබලතාවයක් පවත්වා ගැනීම සහ මනෝ විද්‍යාත්මක මත ප්‍රකෘති භාවයක් ලබා ගැනීම ලෙස හැඳින්විය හැකිය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මානසික සෞඛ්‍යය යන්නට ගැලපෙන එක් පොදු අර්ථ දැක්වීමක් නොමැත. එහි අර්ථ දැක්වීමට සංස්කෘතික වෙනස්කම් , පුද්ගල ඇගයීම් , වෘත්තිකයින්ගේ සිද්ධාන්ත යන සියල්ල බලපායි.


ඉතිහාසය

මානසික රෝග සඳහා ප්‍රතිකාරයන්හි ඉතිහාසය 8 වැනි සියවසේ සිට 15 වැනි සියවස දක්වා වූ මුස්ලිම් ජාතික වෛද්‍යවරුන් දක්වා දිවෙයි. මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙක් වන අබු සයිඩ් අල් බකී විසින් මානසික සෞඛ්‍යයේ ආධ්‍යාත්මික නිරෝගීතාවයට සම්බන්ධ කරමින් ආරම්භක සංකල්පයක් ඉදිරිපත් කොට ඇත.

19 වැනි සියවස මැද භාගයේ දී මානසික සෞඛ්‍යය පැහැදිලිව නිර්වචනය කිරීමට විලියම් ස්වීට්සර් සමත් විය. ඇමරිකානු මනෝවිද්‍යාඥ සංගමයේ ආරම්භකයෙක් වන අයිසැක් රේ විසින් තවදුරටත් සිතේ ශක්තිය ගුණාත්මකභාවය , වර්ධනය විනාශ කරන බලපෑම් සහ ක්‍රියාකාරකම්වලින් සිත ආරක්ෂා කරන කලාවක් ලෙස හඳුන්වා දුනි.

20 වැනි සියවසේ මුල් භාගයේ දී මානසික සෞඛ්‍ය සඳහා වන ජාතික සංගමයට ආරම්භයට උරදුන් ක්ලිෆඩ් විටින්හම් බියර්ස් විසින් ප්‍රථම බාහිර මානසික රෝගී සායනය ආරම්භ කරන ලදී.

අමතර අවධානයට

  • Abnormal psychology
  • Emotional resilience
  • Ethnopsychopharmacology
  • Lifestyle and Mental Health
  • Mental environment
  • Mental health day
  • Mental health during the COVID-19 pandemic
  • Mental health first aid
  • Mental health in education
  • Mental health in the workplace
  • Mental health of Asian Americans
  • Self-help groups for mental health
  • Social determinants of mental health
  • Social stigma
  • Suicide awareness
  • Telemental health
  • World Mental Health Day
  • Well-being

මූලාශ්‍ර

භාහිර සබැඳි