මොරටුව
මොරටුව | |
ගොනුව:Moratuwa.JPG ශ්‍රී ලංකාව තුල මොරටුවෙ පිහිටීම අක්ෂාංශ ගත පිහිටීම:6°47′N 79°52′E | |
රට: | ශ්‍රී ලංකාව |
---|---|
පලාත : | බස්නාහිර පලාත |
දිස්ත්‍රික්කය: | කොළඹ දිස්ත්‍රික්කය |
මුහුදු මට්ටමේ සිට උස: | මීටර 28 (අඩි 92) |
ජනගහනය: | 177,190 |
වේලා කලාපය: | SLT (UTC+5:30) |
තැපැල් අංකය: | 10400 |
ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයේ පිහිටි නගරයකි. පිළියන්දල,ගල්කිස්ස, දෙහිවල සහ රත්මලාන මොරටුවට ආසන්නයේ පිහිටි නගර වෙයි. 2001 සංගණන වාර්තාවට අනුව මෙම ප්‍රදේශයේ ජනගහනය 177,190 කි.මොරටුව සෑදී ඇත්තේ ගම් 18ක් එකතු වීමෙනි. ඉන් සමහරක් නම් රාවතාවත්ත, කටුබැද්ද, උයන, ඉඩම, අගුලාන, කඩලාන, එගොඩඋයන, මොරටුමුල්ල වේ.
කර්මාන්ත
මොරටුව නගරයේ ප්‍රධාන නිෂ්පාදන කර්මාන්ත වන්නේ වඩු කර්මාන්තය, රබර් භාණ්ඩ නිෂ්පාදනය, බැටරි නිෂ්පාදනය සහ ලී අත්කම් භාණ්ඩ නිෂ්පාදනයයි. මොරටුව ධීවර කර්මාන්තයටද ප්‍රසිද්ධියක් දක්වන අතර එය ප්‍රධාන වෙළඳ නගරයක්ද වෙයි.
අධ්‍යාපන ආයතන
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම විශ්ව විද්‍යාලයක් වන මොරටුව විශ්වවිද්‍යාලය මෙහි පිහිටා ඇත. මොරටුවේ පිහිටි ප්‍රසිද්ධ පාසල් කිහිපයක් නම්:
- ශාන්ත සෙබස්තියන් විද්‍යාලය,
- ජයලත් අප ස්වාමිදූගේ කන්‍යාරාමය,
- වේල්ස් කුමර විද්‍යාලය,
- වේල්ස් කුමරි විද්‍යාලය සහ
- මොරටු මහා විද්‍යාලයයි.
- මෙතෝදිස්ත විදුහල.
- ශාන්ත සෙබස්තියන් බාලිකා විද්‍යාලය .
ක්‍රීඩා කටයුතු
මොරටුව ක්‍රිකට් ක්‍රීඩාව සදහා ප්‍රසිද්ධත්වයක් දක්වයි. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වන ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය මොරටුවේ පිහිටා ඇත. එහි උත්කර්ෂවත් ක්‍රිකට් තරඟ කිහිපයක්ම පැවැත්වුනි. තවද දුලිප් මෙන්ඩිස්, රොමේෂ් කලුවිතාරන, සහන් විජේරත්න, රුමේෂ් තිරිමාන්න වැනි සුප්‍රසිද්ධ ක්‍රිකට් තරුද චමත් සේරසිංහ, සැම්සන් ඩි මෙල්, ගයාන් මීදෙනිය වැනි පැසිපන්දු තරුද මොරටුවෙන් බිහිවී ඇත.
කලා අංශය
මොරටුව, ලංකාවේ සංගීත කෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත් නගරයකි. විශේෂයෙන් බයිලා සංගීතයට විශේෂත්වයක් ලැබී තිබුණි. විවිධ කලා ක‍්ෂේත්‍රයන්ට අයත් කලාකරැවන් රැසක් මොරටුවෙන් බිහි වී ඇත.මෙම කලා කරුවන්ගේ එකමුතුවෙන් මොරටුව කලා එකමුතුව පිහිටා ඇත.මොරටුවේ නැගී එන කලා කරුවන් ගේ සුභ සාධනය උදෙසා මහගු මෙහවරක් මෙමගින් ඉටු චෙයි. ක්ලැරන්ස් විජේවර්දන, ධනපාල උදවත්ත, ලක්ෂපතියේ පර්සි, සුරේෂ් ගමගේ යන අය මොරටුවෙන් බිහි වූ කලාකරුවන්ගෙන් අතලොස්සකි.
සංචාරක කටයුතු
ගොනුව:Bolgoda lake.jpg | |
බොල්ගොඩ වැව |
මෙම ප්‍රදේශයේ සංචාරක කටයුතු සාමාන්‍ය මට්ටමක පවතී. නමුත් බොල්ගොඩ වැව ජනප්‍රිය වීමත් සමග බොහෝ සංචාරක හෝටල් ඉදිවිය.මෙම හෝටල් ඉදිවීමත්සමග දෙශීය විදේශීය සංචාරකයින් මෙම ප්‍රදේශෙය් සංචාරය කිරීම බොහෝ සෙයින් වැඩිවී ඇත. වෙරළ ඛාදනය හේතුවෙන් මොරටුව වෙරළ තීරය දූෂණය වී ඇත.
ලොව පුරා පැතිරී ඇති ස්වෙචිඡා සංවිධානයක් වන සර්වෝදය ව්‍යාපාරයේ ප්‍රධාන මූලස්ථානය මොරටුවේ පිහිටා ඇත. (http://www.sarvodaya.org/)
ශ්‍රී ලංකා ඉතිහාසයේ දීප්තිමත් චරිතයක් වන පුරන් අප්පු මොරටු පුරවැසියෙකි. ඹහුගේ මුල් නම වන්නේ වීර හැන්නැදිගේ ෆ්‍රැන්සිස්කෝ ප්‍රනාන්දුය.
ජන සංඛ්‍යාලේඛණ
ජාතිය | ජනගහනය | ප්‍රතිශතය |
සිංහල | 168,324 | 95.00 |
ශ්‍රී ලාංකික දෙමළ | 4,433 | 2.50 |
ඉන්දීය දෙමළ | 375 | 0.21 |
ශ්‍රී ලාංකික මුස්ලිම් | 2,452 | 1.38 |
වෙනත් (බර්ගර්, මැලේ ඇතුලුව) | 1,606 | 0.91 |
මුඵ එකතුව | 177,190 | 100 |
ආගම | ජනගහණය | ප්‍රතිශතය |
---|---|---|
බෞද්ධ | 124,205 | 70.00 |
කතෝලික | 33,893 | 19.1 |
අනෙකුත් ක්‍රිස්තියානි | 11,806 | 6.7 |
ඉස්ලාම් | 3,311 | 1.9 |
හින්දු | 3,367 | 1.9 |
මුළු | 177,190 | 100 |
ආදර්ශ පාඨය
- පුරෝගාමීත්වයේ නගරය
සිතියම්
• මොරටුව සහ ශ්‍රී ලංකාව විස්තර සහිත සිතියම