විදේශ ප‍්‍රතිපත්ති
විදේශ ප‍්‍රතිපත්ති විශ්ලේෂණය වනාහී, විදේශ ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග හා න්‍යායන් පිළිබඳ ක‍්‍රමාන්විත අධ්‍යයනය කිරීමක් හා පර්යේෂණය කිරිමක් වේ. විදේශ ප්‍රතිපත්තිය මගින් රාජ්‍යන් සමඟ මිත්‍ර සබඳතා ගොඩනගන්නේ කෙසේද යන්න තීරණය වේ
විදේශ ප‍්‍රතිපත්ති අධ්‍යයනය
විදේශ ප‍්‍රතිපත්ති විශ්ලේෂණය ඇතුළත් වන්නේ රාජ්‍යයන් විදේශ ප‍්‍රතිපත්ති සකස් කරන්නේ කෙසේද යන්න අධ්‍යයන කිරීමයි. විදේශ ප‍්‍රතිපත්ති විශ්ලේෂණය තුළ ජාත්‍යන්තර මෙන්ම අභ්‍යන්තර දේශපාලනය ද ඇතුලත් වන හෙයින්, එහි විෂය ක්ෂේත‍්‍රය තුළ ජාත්‍යන්තර සම්බන්ධතා ප‍්‍රතිපත්ති සහ මහජන ප‍්‍රතිපත්ති අතර අන්තර් සම්බන්ධය අධ්‍යයනය කෙරේ. එමෙන්ම, විදේශ ප‍්‍රතිපත්ති විශ්ලේෂණය තානාපති සම්බන්ධතා, යුද්ධය, අන්තර් ආණ්ඩු සංවිධාන සහ ආර්ථික සම්බන්ධතා යනාදිය ද අධ්‍යයන කරයි. මන්ද, ඒ සියල්ලක්ම රාජ්‍ය තම විදේශ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම කෙරෙහි අදාළ වන හෙයිනි. බුද්ධිමය ක්ෂේත‍්‍රය තුළ, විදේශ ප‍්‍රතිපත්ති විශ්ලේෂණය බොහෝ විට උගන්වනු ලබන්නේ දේශපාලන විද්‍යාව හෝ දේශපාලන අධ්‍යනයන් හෝ ජාත්‍යන්තර සම්බන්ධතා යටතේ ය.