වෛකුන්ථ චතුර්මූර්ති

වෛකුන්ථ චතුර්මූර්ති
වෛකුන්ථ චතුර්මුඛ, 9වන සියවස, කාෂ්මීරය; ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත කලා කෞතුකාගාරය
අනුබැඳියවිෂ්ණුගේ ස්වරූපය
වාහනයගරුඩා

වෛකුන්ථ චතුර්මූර්ති හෙවත් වෛකුන්ථ විෂ්ණු යනුවෙන් හැඳින්වෙන්නේ හිස් හතරකින් සමන්විත හින්දු දෙවි විෂ්ණුගේ ස්වරූපයකි. මෙය බොහෝදුරට කාෂ්මීර් (ඉන්දියානු උපමහාද්වීපයේ උතුරු කොටස) ප්‍රදේශයෙන් හමුවේ. මෙවැනි ප්‍රතිමා මගින් විෂ්ණු දෙවියන් උත්තරීතර දෙවියන් ලෙස නිරූපණය කෙරේ. ඔහුට මිනිස් හිසක්, සිංහ හිසක්, වරාහ හිසක් සහ රාක්ෂ හිසක් ඇත. ඇතැම් අවස්ථාවන්හි පසුපස රාක්ෂ හිස නොමැතිව හිස් තුනකින් විෂ්ණු නිරූපිත අවස්ථා ද වෛකුන්ථ චතුර්මූර්ති ලෙස සැලකේ. ප්‍රතිමා විද්‍යානුකූලව මොහුට අත් අටක් ඇතැයි සඳහන් වුවද, නිතරම පාහේ අත් සතරක් සහිතව නිරූපණය කෙරේ. සාමාන්‍යයෙන් වෛකුන්ථ චතුර්මූර්තිය සිටගෙන සිටින අයුරින් නිරූපණය කළද, සිය වාහන වන ගරුඩා මත නැග සිටින රූ ද හමුවේ.

සටහන්

ආශ්‍රේයයන්

  • Kalpana Desai (31 December 2013). Iconography of Visnu. Abhinav Publications. pp. 37–. GGKEY:GSELHU3JH6D.[permanent dead link]
  • Adalbert J. Gail (1983). "On the Symbolism of Three- and Four-Faced Viṣṇu Images: A Reconsideration of Evidence". Artibus Asiae. 44 (4). JSTOR 3249614.