ශ්‍රී ලංකාවේ ඔලිම්පික් සහභාගිත්වය
ශ්‍රී ලංකාව පළමු වරට ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගී වූයේ 1948 වසරේදී ය. 1976 වසරේදී හැරුණු විට, 1948 සිට මෙතෙක් පැවති සියලුම ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා සඳහා ශ්‍රී ලංකාව සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරවා ඇත. ශ්‍රී ලංකාව කිසිදු සීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සිය සහභාගීත්වය දක්වා නොමැත.
ඔලිම්පික් ඉතිහාසය තුල ශ්‍රී ලංකාව ඔලිම්පික් පදක්කම් දෙකක් හිමිකරගෙන ඇති අතර, ඒ දෙකම මලල ක්‍රීඩා සඳහා වන රිදී පදක්කම් වේ.
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව 1937 වසරේදී පිහිටවනු ලැබූ අතර, එම වසරේදීම එය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් පිළිගන්නා ලදී. ශ්‍රී ලංකාවේ 1972 වසර දක්වා හැඳින්වූ නාමය සිලෝන් (Ceylon) වූ බැවින් එම වසර දක්වා ශ්‍රී ලංකාවේ ඔලිම්පික් දේශීය කේතය ලෙස CEY අනුගත කර තිබුණි. 1972 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ දේශීය කේතය ලෙස SRI භාවිත වේ.
පදක්කම්ලාභීන්ගේ ලැයිස්තුව
පදක්කම | නම | උළෙල | ක්‍රීඩාව | ඉසව්ව |
---|---|---|---|---|
රිදී පදක්කම | ඩන්කන් වයිට් | ![]() |
![]() |
පිරිමි මීටර් 400 කඩුලු පැනීම |
රිදී පදක්කම | සුසන්තිකා ජයසිංහ | ![]() |
![]() |
කාන්තා මීටර් 200 ධාවන තරඟය |