ගෙන්දගම්
| |||||||||||||||||||||||||||||||||||||
මුහුණුවර | |||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Lemon yellow sintered microcrystals ගෙන්දගම්හී වර්ණාවලී රේඛා | |||||||||||||||||||||||||||||||||||||
ප්‍රධාන ගුණ | |||||||||||||||||||||||||||||||||||||
නම, සංකේතය, ක්‍රමාංකය | ගෙන්දගම්, S, 16 | ||||||||||||||||||||||||||||||||||||
උච්චාරණය | /ˈsʌlfər/ SUL-fər | ||||||||||||||||||||||||||||||||||||
මූලද්‍රව්‍ය කාණ්ඩය | අලෝහය | ||||||||||||||||||||||||||||||||||||
කාණ්ඩය, ආවර්තය, ගොනුව | 16, 3, p | ||||||||||||||||||||||||||||||||||||
සම්මත පරමාණුක ස්කන්ධය | 32.065(5) g·mol−1 | ||||||||||||||||||||||||||||||||||||
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය | [Ne] 3s2 3p4 | ||||||||||||||||||||||||||||||||||||
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව | 2, 8, 6 | ||||||||||||||||||||||||||||||||||||
ද්‍රව්‍යමය ගුණ | |||||||||||||||||||||||||||||||||||||
අවධිය | solid | ||||||||||||||||||||||||||||||||||||
ඝනත්වය (කා.උ. දී) | (alpha) 2.07 g·cm−3 | ||||||||||||||||||||||||||||||||||||
ඝනත්වය (කා.උ. දී) | (beta) 1.96 g·cm−3 | ||||||||||||||||||||||||||||||||||||
ඝනත්වය (කා.උ. දී) | (gamma) 1.92 g·cm−3 | ||||||||||||||||||||||||||||||||||||
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය | 1.819 g·cm−3 | ||||||||||||||||||||||||||||||||||||
ද්‍රවාංකය | 388.36 K, 115.21 °C, 239.38 °F | ||||||||||||||||||||||||||||||||||||
තාපාංකය | 717.8 K, 444.6 °C, 832.3 °F | ||||||||||||||||||||||||||||||||||||
අවධි ලක්ෂ්‍යය | 1314 K, 20.7 MPa | ||||||||||||||||||||||||||||||||||||
විලයන එන්තැල්පිය | (mono) 1.727 kJ·mol−1 | ||||||||||||||||||||||||||||||||||||
වාෂ්පීභවන එන්තැල්පිය | (mono) 45 kJ·mol−1 | ||||||||||||||||||||||||||||||||||||
විශිෂ්ට තාප ධාරිතාව | (25 °C) 22.75 J·mol−1·K−1 | ||||||||||||||||||||||||||||||||||||
වාෂ්ප පීඩනය | |||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||
පරමාණුක ගුණ | |||||||||||||||||||||||||||||||||||||
ඔක්සිකරණ අංකය | 6, 5, 4, 3, 2, 1, -1, -2 (ප්‍රබල ආම්ලික ඔක්සයිඩය) | ||||||||||||||||||||||||||||||||||||
විද්‍යුත් ඍණතාව | 2.58 (පෝලිං පරිමාණයෙන්) | ||||||||||||||||||||||||||||||||||||
අයනීකරණ ශක්ති | 1වන: 999.6 kJ·mol−1 | ||||||||||||||||||||||||||||||||||||
2වන: 2252 kJ·mol−1 | |||||||||||||||||||||||||||||||||||||
3වන: 3357 kJ·mol−1 | |||||||||||||||||||||||||||||||||||||
සහසංයුජ අරය | 105±3 pm | ||||||||||||||||||||||||||||||||||||
වැන්ඩ වාල්ස් අරය | 180 pm | ||||||||||||||||||||||||||||||||||||
ප්‍රකීර්ණක | |||||||||||||||||||||||||||||||||||||
ස්එටික ආකෘතිය | orthorhombic | ||||||||||||||||||||||||||||||||||||
චුම්බකත්වය | diamagnetic[1] | ||||||||||||||||||||||||||||||||||||
විද්‍යුත් ප්‍රතිරෝධිතාව | (20 °C) (amorphous) 2×1015 Ω·m | ||||||||||||||||||||||||||||||||||||
තාප සන්නායකතාව | (300 K) (amorphous) 0.205 W·m−1·K−1 | ||||||||||||||||||||||||||||||||||||
නිකර මාපාංකය | 7.7 GPa | ||||||||||||||||||||||||||||||||||||
මෝ දැඩියාව | 2.0 | ||||||||||||||||||||||||||||||||||||
CAS ලේඛනගත අංකය | 7704-34-9 | ||||||||||||||||||||||||||||||||||||
ඉතාමත් ස්ථායී සමස්ථානික | |||||||||||||||||||||||||||||||||||||
ප්‍රධාන ලිපිය: ගෙන්දගම් වල සමස්ථානික | |||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||
සල්ෆර් (/iconˈsʌlfər/ SUL-fər; අක්ෂර වින්‍යාසය පහතින් බලන්න) යනු පරමාණුක ක්‍රමාංකය 16 වන රසායනික මූලද්‍රව්‍යයක් වන අතර, S යන සංකේතයෙන් ප්‍රත්‍යර්පණය කරනු ලැබේ.
සල්ෆියුරික් අම්ල වර්ග
100%ට ඉතාම ආසන්න සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කළ හැකි මුත් , තාපාංකයේ දී එමගින් SO3 මුක්ත වී 98.3% සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය වේ. 98% වර්ගයේ (18M) සල්ෆියුරික් අම්ලය ගබඩා තුළ වඩා ස්ථායී වන අතර සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය ලෙස හදුන්වන්නේ මෙයයි. වෙනත් සාන්ද්‍රණ විවිධ අවශ්‍යතා සදහා යොදා ගනී. එයින් සමහරක් පහත දැක්වේ.
- 10% තනුක සල්ෆියුරික් අම්ලය විද්‍යාගාර භාවිත සදහා
- 33.5% බැටරි අම්ලය (ඊයම් - අම්ල බැටරිවල භාවිතා වේ.)
- 62.18% කුටීර හෝ පොහොර අම්ලය
- 77.67% අටළු හෝ ග්ලෝවර් (Glover) අම්ලය
- 98% සාන්ද්‍ර අම්ලය
අම්ලවල වෙනස් සංශුද්ධතා ද පවතී. තාක්ෂණික තත්වයේ H2SO4 අශුද්ධ හා වර්ණයක් සහිත වේ. නමුත් පොහොර සෑදීමට යෝග්‍ය වේ. ඹෟෂධ හා සායම් වර්ග සෑදීමේ දී එක්සත් ජනපද ඖෂධ සංග්‍රහය (usp) වැනි සංශුද්ධ තත්ව භාවිතා කෙරේ.
සල්ෆියුරික් අම්ලයට ඉතා සාන්ද්‍ර SO3(g) එකතු කළ විට පයිරො සල්ෆියුරික් අම්ලය ලෙස හදුන්වන H2S2O7 සෑදේ. H2S2O7 සධුම සල්ෆියුරික් අම්ලය , ඕලියම් හෝ නෝඩෝශන් (Nordhausen acid ) අම්ලය ලෙස ද හැදින්වේ. ඕලියම්හි සාන්ද්‍රණය % SO3 (% ඕලියම් ලෙස හැදින්වේ) ලෙස හෝ % H2SO4 (H2O එකතු කළ විට සෑදෙන ප්‍රමාණය) ලෙස දැක්වේ. ඕලියම් වල සාමාන්‍ය සාන්ද්‍රණය වන්නේ 40% ඕලියම් (109% H2SO4) හා 65% ඕලියම් (114.6% H2SO4) ය. සංශුද්ධ H2S2O7 ද්‍රවාංකය 360C වූ ඝනයකි.
ධ්‍රැවීයතාව හා සන්නායකතාව
නිර්ජලීය H2SO4 ඉතාමත් ධ්‍රැවීය ද්‍රවයක් වන අතර පාර විද්‍යුත් නියතය 100ට ආසන්න වේ. H2SO4 ප්‍රෝටෝනිකරණය හරහා විඝටනය වීම නිසා විශාල විද්‍යුත් සන්නායකතාවක් පෙන්නුම් කරයි. මෙම ක්‍රියාවලිය ස්වයං අයනීකරණය ලෙස හැදින්වේ.
2 H2SO4 ⇌ H3SO4+ + HSO4−
ස්වයං අයනීකරණය සදහා සමතුලිතතා නියතය
Kap(25°C)= [H3SO4+][HSO4−] = 2.7 × 10−4.
ඒ හා සැසදිය හැකි ජලයේ සමතුලිතතා නියතය Kw 10-14 වන අතර 1010 (බිලියන 10) ගුණයකින් කුඩාය.
අම්ලය දුස්ස්‍රාවී වුවත් අන්තඃ අණුක ප්‍රෝටෝන හුවමාරු යාන්ත්‍රණය ජලයෙහි ග්‍රෝතස් (Grotthuss mechanism) යාන්ත්‍රණයට සමාකාර නිසා H3SO¬4+ හා HSO4- අයනවල සඵල සන්නායකතාව විශාල අගයක් ගන්නා අතර එම නිසා සල්ෆියුරික් අම්ලය හොද සන්නායකයක් වී ඇත. තවද බොහෝමයක් ප්‍රතික්‍රියා සදහා ප්‍රභල ද්‍රාවකයක් ලෙසද ක්‍රියා කරයි.
සමතුලිතතාව ඉහත සදහන් කර ඇති ආකාරයට වඩා සංකීර්ණය . සමතුලිතතාවයේ දී 100% H2SO4 තුළ පහත දේ පවතී. (ද්‍රාවක කිලෝග්‍රෑමයට ඇති මිලි මවුල ගණන දැක්වේ) HSO4-(15.0) , H3SO4+(11.3) , H3O+ (8.0) , HS2O7- (4.4) , H2S2O7(3.6) , H2O (0.1).