සහායක රදගුරු


සහායක රදගුරු (ඉංග්‍රීසි: Auxiliary Bishop) යනු රදගුරු පදවියේ එඬේරක සහ පරිපාලන අවශ්‍යතා සපුරාලීම සඳහා රදගුරුවරයෙකුට සහය වීමට පත්කරන ලද රදගුරුවරයෙකු වේ. සහායක රදගුරුවරුන් තවදුරටත් භෞමික අධිකරණ බල ප්‍රදේශ ලෙස නොපවතින නාමික පදවි වල නාමික රදගුරුවරුන් විය හැකිය.

රෝමානු කතෝලික ධර්මය

කතෝලික සභාව තුළ, ලතින් සභාවේ සහ නැගෙනහිර කතෝලික සභාව දෙකෙහිම සහායක රදගුරුවර්‍ය් සිටිති. සහායක රදගුරුවරයෙකුගේ විශේෂ රාජකාරි අදාල පදවියේ රදගුරු විසින් ලබා දී ඇති අතර එම රාජකාරි සහායක රදගුරුවරයා සහ රදගුරු පදවියේ අවශ්‍යතා අනුව පුළුල් ලෙස වෙනස් විය හැකිය.[1]

මූලාශ්‍ර

  1. ^   Rock, P.M.J. (1907). "Auxiliary Bishop". Catholic Encyclopedia. 2. New York: Robert Appleton Company. 

බාහිර සබැඳි