සායනික මනෝවිද්‍යාව

සායනික මනෝවිද්‍යාවේදී විද්‍යාත්මක අධ්‍යයනයන් සහ මනෝවිද්‍යාවේ භාවිතයන් මනෝවිද්‍යාත්මක දොම්නස් සහ දුෂ්කෘතියන් හඳුනාගැනීම වැළකීම සහ පළවාහැරීමට යොදා ගැනීම අන්තර්ගතය එමගින් පුද්ගල නිරෝගීතාවය සහ අධාත්මික වර්ධනය වැඩි කිරීමට යොදා ගනී. සායනික මනෝවිද්‍යාව පර්යේෂණයන් , ඉගැන්වීම් , අධිකරණ වෛද්‍ය සාක්ෂීන් සහ වැඩසටහන් වර්ධනය සහ පාලනය සඳහා උපකාරී වුවද මෙහි මූලිකාංග ලෙස මනෝවිද්‍යාත්මක විශ්ලේෂණය සහ මනෝ රෝග චිකිත්සාව හැඳින්විය හැක. බොහෝ රටවල මෙය මානසික සෞඛ්‍ය වෘත්තිකයන් මගින් පාලනය කෙරේ.

පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ Lightner Witmer විසින් 1896 දී ප්‍රථම මනෝ විද්‍යා සායනය ඇරඹීමත් සමග මෙම විෂය පථය සලකා බැලීමට ඇරඹිණ. විසිවන සියවසේ මුල් භාගයේදී ශායනික මනෝවිද්‍ය‍ාව, මනෝවිද්‍යාත්මක ඇගයීම කෙරෙහි ප්‍රධාන වශයෙන් යොමු වූ අතර ප්‍රතිකාර සඳහා අවධානය අල්ප වශයෙන් යොමු විය. නමුත්, වසර 1940 දී දෙවන ලෝක යුද්ධයට පසු පුහුණු සායනිකයින් වැඩිවීමත් සමග එම රටාව වෙනස් විණි. මෙම කාලයේදී ප්‍රධාන අධ්‍යාපන ආකෘතීන් දෙකක් බිහි විය. එනම්, Ph.D (පර්යේෂණ කේන්ද්‍ර කරගත්) Ph.D ( පුහුණුව කේන්ද්‍ර කරගත් )

ශායනික මනෝ චිකිත්සකයින් අද මනෝ චිකිත්සාව සපයන විශේෂඥයින් ලෙස හැඳින්විය හැක. ඔවුන් ප්‍රධාන (මූලික) සෛද්ධාන්තික පථයන් හතරක් යටතේ පුහුණුව ලබති. එනම් මනෝවිශ්ලේෂන මානුෂවාදී ප්‍රජානන චර්යා සහ පවුල් ප්‍රතිකාරය යන විෂය පථයන්ය.

සාසනික මනෝ විද්‍යාව, මනෝ වෛද්‍ය විද්‍යාව සමග පටලැවිය හැක. මෙම දෙඅංශයේම අරමුණූ සමාන වුවද නමුදු මනෝ චිකිත්සකයින් යනු වෛද්‍යය වෘත්තිකයන්ය. එනම් ඔවුන් ඖෂධ නියම කිරීම සඳහා ලියාපදිංචි වී ඇත‍. ඇතැම් විට සියුම් ලෙස බලන කළ මනෝ චිකිත්සකයින්ගේ පුහුණුව අනුව ඔවුන්ට මානසික රෝගයක් ජීව විද්‍යාත්මක , මනෝ විද්‍යාත්මක සහ සමාජීය දෘෂ්ටිකෝණයන්ගෙන් බැලීමට ඉඩ සලසා ඇත. පුහුණුවේදී මනෝ චිකිත්සකයින් සහ මනෝවිද්‍යාඤයින් බොහෝ විට සමීපව වැඩ කරති. ඔවුන් සමාජ සේවකයින්, වෘත්තීය චිකිත්සකයින් වැනි බහුක්ෂේත්‍ර කණ්ඩායම් සමග සහයෝගීව කටයුතු කරමින් රෝගීන්ගේ සංකීර්ණ ගැටළු සඳහා බහු ක්ෂේත්‍ර ප්‍රවේශයක් ලබා දෙති.

අමතර අවධානයට

  • Anti-psychiatry
  • Applied psychology
  • Clinical Associate (Psychology)
  • Clinical neuropsychology
  • Clinical trial
  • List of clinical psychologists
  • List of credentials in psychology
  • List of psychotherapies
  • Outline of psychology
  • Psychiatric and mental health nursing
  • Psychoneuroimmunology

මූලාශ්‍ර

භාහිර සබැඳි

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත: