චිත‍්‍රපට වර්ගීකරණය
කථාව, ආකෘතිය, තාක්‍ෂණික වැඩකටයුතු, රූපගත කරන ප්‍රදේශය ආදිය අනුව චිත්‍රපට වර්ගීකරණය සිදුකරනු ලබයි.
චිත්‍රපටයේ භාවිතා කරන ප්‍රදේශය, ස්ථානය, පසුතලය අනුව කරනු ලබන වර්ගීකරණයන් මෙසේ දැක්විය හැක.
- අපරාධමය - මෙහිදී අපරාධ සිදුවන ස්ථාන, ඒවාට එරෙහිව ක්‍රියාත්මක වන ආයතන, ප්‍රදේශ ස්ථාන භාවිතා කෙරේ.
- පෙරදිග - මෙහි චිත්‍රපටයේ සම්පුර්ණ කථාව පෙරදිග රටවලට අයත් ඒවාය.
- අධියාථාර්ථවාදී - මෙහිදී භාවිතා වනුයේ යථාර්ථයට ඔබ්බෙන් පිහිටි පසුතලයන්ය.
- අඳුරු සිනමාව - ප්‍රංශයේ බිහිවූ මෙය පසුව හොලිවුඩයට ව්‍යාප්ත විය.
- ඓතිහාසිකමය - ඓතිහාසිකමය කථා නිරූපණය කිරිම සඳහා මෙහිදී ඊට අනුරුප පසුතලයක් නිර්මාණය කරයි.
- සංගීතය පිළිබඳ - මෙම චිත්‍රපටවල සංගීතඥයින්ගේ චරිතාපදානයන්, සංගීත උපකරණ ආදිය පිළිබඳ කරුණු අඩංගු වේ.
- බන්ධනාගාර - මෙම චිත්‍රපටවල ප්‍රධාන චරිතය හෝ සුළු චරිත සමාජ විරෝධි පුද්ගලයින් වන අතර, එම නිසා ඔවුන්ගේ ජිවීතයෙන් කොටසක් බන්ධනාගාර තුළ ජීවත්වේ. මේ සඳහා බන්ධනාගාර පසුතල නිර්මාණය කළ යුතුවෙයි.
- විද්‍යා ප්‍රබන්ධ - විද්‍යාව සහ තාක්‍ෂණය පිළිබඳ විවිධ ප්‍රබන්ධයන් මෙයට ඇතුළත් වෙයි.
- ක්‍රිඩාමය - ක්‍රීඩා භුමි, ක්‍රීඩාගාර ආදිය චිත්‍රපටයේ ක්‍රීඩාමය ස්වරූපය ඉස්මතු කරලීම සඳහා භාවිතා කෙරෙයි.
- රහස්පරීක්‍ෂක - අපරාධයන්ට සම්බන්ධ රහස් සොයායන වීර චරිත ආශ්‍රයෙන් මෙම චරිත ගොඩනගා ඇති අතර ඒ සඳහා සුදුසු පසුතලයක් නිර්මාණය කෙරේ.
- යුධමය - මෙහිදී යුධමය වාතාවරණයට අනූරූප ප්‍රදේශ, පසුතල තෝරා ගැනේ.
- අපරදිග - අපරදිග රටවල ශිෂ්ඨාචාරය ඉස්මතු වන ලෙස ප්‍රදේශ භාවිතා කරයි.
චිත්‍රපට ඒවායේ භාවිතා වන ක්‍රියා විධික්‍රම අනුව පහත පරිදි වර්ග කරයි.
- ක්‍රියාදාම - මෙම චිත්‍රපට ‘සුදු‘,‘කළු’ පැතලි වර්ණ භාවිතා වන හොඳ සහ නරක පිළිබඳ ආදර්ශාත්මක කථා ඇතුළත් ඒවාය.
- වීර ක්‍රියා - ත්‍රාසය, භිතිය ඇතුළත් චිත්‍රපටයන්ය.
- හාස්‍යෝත්පාදක - සිනහව උපදවා ප්‍රේක්‍ෂකයා රසවත් කිරීම සඳහා නිපදවෙයි.
- කලාත්මක - ජීවිතය පිළිබඳ ගැඹුරු අර්ථ සම්පාදනය සඳහා මෙම චිත්රපට නිපදවේ.
- භීතිය මුසු - ප්‍රේක්‍ෂකයා භීතියට පත්කොට රස නිෂ්පත්තිය සඳහා මෙම චිත්රපට නිපදවේ.
- විශ්මිත - කථාවේ අවසාන වන තෙක් ප්‍රේක්‍ෂකයා ගෙන් කථා සන්දර්භය සඟවා තබාගන්න චිත්‍රපට වේ.
- ආදර - ආදරය, ප්‍රේමය පිළිබඳ කතාවන්ය.
- ත්‍රාසය සපිරි - මෙහිදි චිත්‍රපටය පුරා ප්‍රේක්‍ෂකයා ත්‍රාසයෙන් කුල්මත් කරවයි.
චිත්‍රපටයේ ආකෘතිය අනුව චිත්‍රපට පහත සඳහන් ආකාරයට වර්ග කෙරේ.
- සජීවී - නළු නිළියන් යොදා ඔවුන්ගේ සජීවී රංගනය හරහා චිත්‍රපටය ධාවනය වේ.
- සජීවීකරණය කළ - පරිගණක ආශ්‍රයෙන් ද්විමාන හෝ ත්‍රිමාණ සජීවීකරණ රූප නිර්මාණය කර චිත්‍රපට ඇතුළත් කෙරේ.
- චරිතාපදාන - ඉතිහාසය තුළ ජීවත් වූ සත්‍ය චරිත ආශ්‍රයෙන් නිපදවූ චිත්‍රපටය.
- වාර්තාමය - සමාජයේ සත්‍ය සිදුවීමක් ඒ ආකාරයෙන්ම රූගත කිරීම මෙහිදී සිදුවේ.
- සංගීතමය - මෙහි චිත්‍රපටය තුළ ගීත අඩංගු අතර සමහර අවස්ථා වලදී චරිත විසින්ද ගීත ගායනය කෙරේ.
මෙම වර්ග වලට අමතරව ඉලක්කගත ප්‍රේක්‍ෂක වර්ගය අනුවද චිත්‍රපට වර්ග කළ හැක. ඒවා මෙසේය.
- ළමා චිත්‍රපට - ප්‍රමුඛ ලෙස ළමුන් කේන්ද්‍රකරගත් චිත්‍රපට වේ.
- පවුලේ චිත්‍රපට - සියළු වයස් කාණ්ඩයන් කේන්ද්‍රකරගත් චිත්‍රපට වේ.
- වැඩිහිටි චිත්‍රපට - වැඩිහිටියන් සඳහා පමණක්ම වෙන්වූ චිත්‍රපට මේ ගණයේ ලා සලකයි. ඒවායේ බිහිසුණු , ප්‍රචණ්ඩ ජවනිකා මෙන්ම ලිංගික ජවනිකාද අඩංගු වේ.
අමතර අවධානයට
- Film
- Genre fiction
- Genres
- Glossary of motion picture terms
- List of genres
- Literary genre
- Music genre
- Video game genre
මූලාශ්‍ර
- ^ "America's 10 Greatest Films in 10 Classic Genres". American Film Institute. සම්ප්‍රවේශය 2010-06-06.
AFI defines 'western' as a genre of films set in the American West that embodies the spirit, the struggle and the demise of the new frontier.
භාහිර සබැඳි
- Genres of film at the Internet Movie Database (ඉංග්‍රීසි බසින්)
- Genres and Themes, BFI screenonline (ඉංග්‍රීසි බසින්)
- Finding Books on Film Genres, Styles and Categories, Yale University Library (ඉංග්‍රීසි බසින්)
- "A Semantic/Syntactic Approach to Film Genre", by Rick Altman SCRIBD[permanent dead link] academia.edu (PDF)JSTOR 1225093 (ඉංග්‍රීසි බසින්)
- "Review: Film/Genre by Rick Altman", by Leger Grindon. JSTOR 1213754. (ඉංග්‍රීසි බසින්)