පාර්වති දේවාලය, ඛජුරාහෝ
පාර්වතී දේවාලය | |
---|---|
ඛජුරාහෝවේ පාර්වතී දේවාලය | |
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ[1] |
භූගෝලීය ඛණ්ඩාංක | 24°51′11.4″N 79°55′19″E / 24.853167°N 79.92194°Eඛණ්ඩාංක: 24°51′11.4″N 79°55′19″E / 24.853167°N 79.92194°E |
අනුබැඳියාව | හින්දු ආගම |
දිස්ත්‍රික්කය | ඡතර්පූර්[1] |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
නිර්මාපක | චන්දේල පාලකයින් |
පාර්වතී දේවාලය (දේවනගරි: पार्वती मंदिर) යනුවෙන් හැඳින්වෙන්නේ ශිව දෙවියන්ගේ භාර්යාව වන පාර්වතී දේවියට කැපකළ දෙවොලකි.[1]
මෙම දේවාලය ඇතුළත් ඛජුරාහෝ ස්මාරක සමූහය ඉන්දියාවේ ලෝක උරුම අඩවියක් ලෙස නම්කොට ඇත.
පිහිටීම
මෙම දේවාලය පිහිටියේ ඛජුරාහෝ දේවාල සංකීර්ණයේ බටහිර දේවාල සමූහය තුළ ය. දේවාල සංකීර්ණය ඇතුළත මෙම දේවාලය විශ්වනාථ දේවාලයට නිරිතදිගින් පිහිටා ඇත.[1]
ඛජුරාහෝ යනු ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඡතර්පූර් දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා ගම්මානයකි.
ගෘහනිර්මාණ ශිල්පය
මෙහි අතිශයින් ප්‍රතිසංස්කරණයට භාජනය කළ නුඩා ගර්භගෘහයක් ඇත.[1] ද්වාරමණ්ඩපය මුළුමණින්ම නැතිව ගොස් ඇති අතර, ගර්භගෘහයේ එහි පාදම පමණක් දක්නට ලැබේ.[1]
ගර්භගෘහයේ දොරටුවට ඉහළින් වූ ආරුක්කුවේ බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව දෙවියන්ගේ රූ දැකගත හැක.[2] එසේම ඉදිරි බිත්තියේ (ගර්භගෘහයේ දොරටුවේ පසෙකින්) ශෘංගාරාත්මක ප්‍රතිමා ගණනාවක් දැකගත හැක.[2]
දෙවොලේ පැති සහ පසුපස බිත්තිවල කිසිදු ප්‍රතිමාවක් දක්නට නොලැබේ.[3]
ගැලරිය
-
පාර්වතී දේවාලය (චිත්‍රගුප්ත දේවාලයේ සිට පෙනෙන පරිදි), ඛජුරාහෝ, ඉන්දියාව.
-
පාර්වතී දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
-
පාර්වතී දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
ආශ්‍රේයයන්
- ^ a b c d e f g "Archaeological Survey of India (ASI) - Parvati Temple". Archaeological Survey of India (ASI). සම්ප්‍රවේශය 21 March 2012.
{cite web}
:|first=
missing|last=
(help) - ^ a b Image:Parvati Temple - Front View
- ^ Image:Parvati Temple - Back View from Chitragupta Temple
බාහිර සබැඳි
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4a/Commons-logo.svg/30px-Commons-logo.svg.png)