මධ්‍යම ආසියාව

මධ්‍යම ආසියාව
මධ්‍යම ආසියාවෙහි සිතියම
භූමි ප්‍රමාණය4,003,451 කිමී2 (1,545,741 සත සැත) [a]
  • ජනගහණය
  •  • ඝණත්වය
  • 67,986,864
  •   50.1/කිමී2 (130/සත සැත)
රටවල්
නාමික දදේනි$295.331 බිලියන (2012)
ඒක පුද්ගල දදේනි $6,044 (2012)

බටහිරින් කැස්පියන් මුහුදෙහි සිට නැගෙනහිරින් චීනය දක්වාද සහ දකුණෙන් ඇෆ්ගනිස්තානයෙහි සිට උතුරෙන් රුසියාව දක්වාද මධ්‍යම ආසියාව විහිදෙයි. මෙම ප්‍රදේශය තුල ඇති රටවල් පහේම නාමයන් කෙළවර වන්නේ "එහි භූමිය" යන අර්ථය සහිත "-ස්තාන්" නම් පර්සියානු උපසර්ගය වෙතින් වන බැවින් කථා ව්‍යවහාරයෙහිදී එය "ස්තාන්යන් " ලෙසින්ද හැඳින්වෙයි. [1]

මධ්‍යම ආසියාවෙහි පූර්ව සෝවියට් සමූහාණ්ඩු වූයේ කසක්ස්තානය (ජනගහණය මිලියන 17), කියර්ගිස්තානය (මිලියන 5.7), ටජිකිස්තානය (මිලියන 8.0), ටර්ක්මෙනිස්තානය (මිලියන 5.2), සහ උස්බෙකිස්තානය (මිලියන 30) වන අතර, ඒවා විසින් ප්‍රදේශයට මිලියන 66 පමණ මුළු ජනගහණයක් ලබා දෙයි.

මධ්‍යම ආසියාව ඓතිහාසික වශයෙන් සැලකූ විට එහි පශු අනුචාරී ජනතාව වෙත සහ සේද මාවත සමග සමීපයෙන් බැඳී පැවතිණි.[2]

සටහන්

  1. ^ භූමි ප්‍රමාණ අගය පදනම්ව ඇත්තේ මධ්‍යම ආසියාවෙහි රටවල් පහෙහි සංයුක්ත භූමි ප්‍රමාණයන් මත පදනම්වය.


ආශ්‍රිත

  1. ^ පෝල් මැක්ෆෙඩ්රීස් (25 ඔක්තොම්බර් 2001). "stans". වර්ල්ඩ් ස්පයි. සම්ප්‍රවේශය 16 පෙබරවාරි 2011.
  2. ^ ස්ටෙප් නෝමැඩ්ස් ඇන්ඩ් සෙන්ට්‍රල් ඒෂියා සංරක්ෂණය කළ පිටපත 2008-05-29 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 29 මැයි 2008 at the Wayback Machine

තවදුරටත් කියවීම්