මහිමා චෞධරී

මහිමා චෞධරී
චෞධරී විවාහ මංගල්‍ය උත්සවයක දී.
උපත
රිතූ චෞධරී

13 සැප්තැම්බර් 1973 (1973-09-13) (වයස 51)
ඩාර්ජීලිං, බටහිර බෙංගාලය, ඉන්දියාව[1]
රැකියාවනිළිය
සක්‍රීය වසර1997-2010
2015-2016
කලත්‍රයා(යන්)බොබී මුඛර්ජී (වි. 2006; දික්කසාද වීම 2013)
දරුවන්1

මහිමා චෞධරී (උපත 13 සැප්තැම්බර් 1973) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දි චිත්‍රපටවල රඟපා ඇති ඉන්දියානු නිළියක සහ නිරූපිකාවකි. චිත්‍රපට රංගනයට පිවිසීමට ප්‍රථම ඇය, 1990 දශකයේ නිරූපණ කටයුතු සහ රූපවාහිනී දැන්වීම් කිහිපයක පෙනීසිට ඇත. ඇය රංගනයට ප්‍රවිෂ්ට වූයේ 1997 දී පර්දේස් චිත්‍රපටය හරහා ය. ඒ උදෙසා ඇයට හොඳම කාන්තා ප්‍රවිෂ්ටය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි විය. ඇය රංගනයෙහි නිරත වූ චිත්‍රපට අතර දාග් (1999), ධඩ්කන් (2000), කුරුක්ෂේත්‍ර (2000), දිල් හේ තුම්හාරා (2002) යන චිත්‍රපට කැපී පෙනේ. දිල් ක්‍යා කරේ (1999) සහ ලජ්ජා (2001) චිත්‍රපටවල ඇය සිදුකළ රංගනය විචාරක පැසසුමට ලක් විය.

ආශ්‍රේයයන්

  1. ^ Chhetri, Vivek (21 December 2011). "Hills smile to conquer 'camera' & hearts". The Telegraph. 12 June 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2016-07-15.

බාහිර සබැඳි

සැකිල්ල:Zee Cine Award for Best Female Debut