මැනිතෝ

ප්ලූටාර්ක් විසින් මැනිතෝව ටොලමයික සෙරපිස් වන්දනාව හා සම්බන්ධකොට දක්වා ඇත;[1] මෙහි දැක්වෙන්නේ හඳුනා නොගත් සෙරපිස් පූජකයකුගේ හිසකි - ඇල්ටිස් කෞතුකාගාරය, බර්ලින්

මැනිතෝ (/ˈmænɪθ/; Koinē Greek: Μανέθων Manéthōn, gen.: Μανέθωνος) යනුවෙන් හැඳින්වෙන්නේ මුල්කාලීන ක්‍රි.පූ. තුන්වන සියවසේ හෙලනිස්තික යුගයේ ටොලමයික රාජධානියේ සෙබෙනිටොස් (Coptic: Ϫⲉⲙⲛⲟⲩϯ, romanized: Čemnouti[2]) ප්‍රදේශයේ විසූ ඊජිප්තු පූජකයෙකි. ඔහු විසින් ග්‍රීක බසින් රචනා කරන ලද ඊජිප්ටියකා (ඊජිප්තුවේ ඉතිහාසය) ග්‍රන්ථය පුරාතන ඊජිප්තු රජවරුන්ගේ රාජ්‍ය සමයයන් හඳුනාගැනීම සඳහා වන ප්‍රධාන කාලානුක්‍රම මූලාශ්‍රයක් ලෙස සැලකේ. කෙසේනමුත් ඔහු මෙම රාජාවලිය රචනා කරන ලද්දේ ටොලමි I සෝටර් සහ ටොලමි II ෆිලඩෙල්ෆෝස් යන පාරාවෝවරුන් දෙදෙනාගෙන් කවර රාජ්‍ය සමයේද යන්න අපැහැදිලි ය. එසේවුවද එය ටොලමි III යුවර්ගිටිස් රාජ්‍ය සමයට පෙර ලියැවුණකි.

සටහන්

බාහිර සබැඳි