යටිතල ව්‍යුහය

අන්තර් ප්රාiන්ත 80 , එක්සත් ජනපදයේ දිගින් දෙවනුව වැඩිම අධිවේගී මාර්ගයට කැලි‍ෆෝනියා සි නිව් පර්සි දක්වා.

සාමාන්‍යයෙන් යටිතල ව්‍යුහය යන පදය භාවිතා වන්නේ මහා මාර්ග, ජල සැපයුම්, ජල අපවහනය, විනෝදාත්මක හා වෙනත් ආර්ථිකව උපයෝගී වන වත්කම් සඳහාය. අතීතයේ දී මේවා ප්‍රාදේශීය හෝ මධ්‍යම රජයන් මඟින් පාලනය කෙරුණි. නිෂ්පාදනය ඉහළ නැංවීම තුළින් ලාභාංශ ඉපයීම රජය විසින් මෙම වත්කම් ආයෝජනය කිරීමේ අරමුණයි. මේවා සංකලනය කොට සිවිල් යටිතල ව්‍යුහයන් ලෙස හැඳින්විය හැකිය. නාගරික යටිතල ව්‍යුහයන් සරල පොදු වැඩ කටයුතු ආදී ලෙසද හඳුන්වයි. එසේ වුව ද ඒවා සංවර්ධනය කොට හැසිරවීම පෞද්ගලික අංශය මඟින් හෝ රජයේ ව්‍යවසායකයන් අතින් සිදුවේ. “සංඝටක ප්‍රතිස්ථාපනය හා යලි නඟා සිටුවීම අඛන්ඩව සිදුකිරීම මඟින් නියත ස්ථාවර මට්ටමක නඩත්තු කොට පවත්වා ගන්නා පද්ධතියක්” අඩංගු වත්කම් ජාලයක් ලෙස යටිතල ව්‍යුහය පොදුවේ අර්ථ දැක්වේ.


යටිතල ව්‍යුහය පිළිබඳ විකල්ප අර්ථ දැක්වීම්

වෙනත් යෙදවීම්වල දී යටිතල ව්‍යුහය, තොරතුරු තාක්ෂණය, නිල හා නිල නොවන සන්නිවේදන මාර්ග, මෘදුකාංග සංවර්ධනය කිරීමේ මෙවලම්, දේශපාලන හා සාමාජීය ජාල හෝ විශේෂිත කණ්ඩායම්වල විශ්වාසයන්ද යටිතල ව්‍යුහය ලෙස හැඳින්වේ. මේ අතරින් වඩාත් පොදු ව්‍යවහරයක් වන්නේ අඩංගු වන පද්ධතිය හෝ සංවිධානය සඳහා සංවිධානාත්මක ව්‍යුහයක් හා සහයෝගීතාවයක් ලබා දෙන්නක් ලෙසද එය අර්ථ දැක්විය හැකියි. එය නගරයක්, ජාතියක්, සමූපකාරයක් විය හැකිය. ආර්ථික විද්‍යාවේදී යටිතල ව්‍යුහය දැකිය හැක්කේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට නිෂ්පාදන ක්‍රියාදාමයේ කොටසක් වීම සඳහා ඉඩ ලබා දෙන ව්‍යුහීය මූලයක් ලෙසයි. උදාහරණ - මහා මාර්ග තැනීමෙන් හා වැඩි දියුණු කිරීමෙන්,නිමි භාණ්ඩ හා අමුද්‍රව්‍ය ප්‍රවාහනයට පහසුකම් සැලසීම.


යටිතල ව්‍යුහයන් සතු ලාක්ෂණික ගුණාංග

පොදුවේ යටිතල ව්‍යුහයන්ට පහත ගුණාංග ඇත.

  • සමස්ථ පද්ධතියක් ලෙස නිරතුරුව ප්‍රතිස්ථාපනය නොවන පරම්පරා ඔස්සේ ඉදි වන විශාල ජාලයන්ය.
  • සේවා ධාරිතාව සදාකාලික විශ්වාසයක් මත නඩත්තු කෙරෙන බැවින් දීර්ඝ හා අවිනිෂ්චිත ආයු කාලයක් පවතී. (අඛණ්ඩ ප්‍රතිස්ථාපනය හා යල් පැනීමේ දී යලි නගා සිටුවීම මගිනි.
  • පද්ධති සංඝටකයන් අන්තර් පරාධීන වන අතර වෙන්කර ඉවත දැමීම හෝ කොටස්වලට බෙදීම සිදු කළ නොහැකිය. වානිජ වෙළෙඳාම තුළද අනුක්‍රමිකව ඉවතදැමියහැකි නොවේ.
  • පද්ධති අන්තර් පරාධීනතාව නිසා තනි සංඝටකයක ආයු කාලය කෙටි කලකට සීමා කෙරේ.
  • වත්කම් සඳහා ඉහළ ප්‍රාග්ධනයක් අවශ්‍ය අතර පහසුවෙන් නිර්ණය කළ නොහැකිය.

වත්කමක් සමස්ථ පද්ධතියක සංඝටනීය කොටසක් වූ විට එය යටිතල ව්‍යුහයක් ලෙස සැලකිය හැකිය. එනම් වත්කම ඉවත් කළහොත් පද්ධතිය අසම්පූර්ණ වේ නැතහොත් අවශ්‍ය මට්ටමේ සේවයක් සැපයීමට පද්ධිතයට වත්කම අත්‍යවශ්‍ය වේ.


විවේචනාත්මක යටිතල ව්‍යුහය

යටිතල ව්‍යුහය යන පදය විවේචනාත්මක ලෙස භාවිතා වන්නේ අඩංගු පද්ධතියට හෝ සංවිධානයට සංකීර්ණ කඩා කප්පල් කිරීම් ඇති කරමින් හානි වන හෝ විනාශ වන යටිතල ව්‍යුහයන් නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහාය. කුණාටු ගංවතුර , භූ කම්පා නිසා නගරයක ප්‍රවාහන පද්ධති සමහරක් අක්‍රීය කරවන හානිකර තත්ත්වයන් ඇති කරවිය හැකිය. (උදා - ගංඟා හරහා පාලම් ඉදිකිරීම, එය මිනිසුන්ට එහා මෙහා ගමන්කිරීම හා වැළැක්වීමට හදිසි සේවා අක්‍රීය කරවීමට හේතු විය හැකිය. මෙවැනි පථ විවේචනාත්මක යටිතල ව්‍යුහයන් ලෙස හැඳින්වේ. මෙලෙස අන්තර්ජාල මෙහෙයුම් පද්ධතියක් ගුවන් පථයකට විවේචනාත්මක යටිතල ව්‍යුහයක් විය හැකිය.

අමතර අවධානයට

  • Airport infrastructure
  • Asset Management Plan
  • Green infrastructure
  • Infrastructure as a service
  • Infrastructure asset management
  • Infrastructure security
  • Logistics
  • Megaproject
  • Project finance
  • Pseudo-urbanization
  • Public capital
  • Sustainable architecture
  • Sustainable engineering

මූලාශ්‍ර

භාහිර සබැඳි