රත්නපුර ජාතික කෞතුකාගාරය
පිහිටුවීම | 13 මැයි 1988[1] |
---|---|
පිහිටීම | කොළඹ පාර, රත්නපුරය, ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 6°41′04″N 80°23′58″E / 6.6844°N 80.3994°Eඛණ්ඩාංක: 6°41′04″N 80°23′58″E / 6.6844°N 80.3994°E |
වෙබ් අඩවිය | ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු වෙබ් අඩවිය |
රත්නපුර ජාතික කෞතුකාගාරය, ශ්‍රී ලංකාවේ රත්නපුරය නගරය අාසන්නයේ පිහිටුවා අැත. ජාතික කෞතුකාගාරය පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ල අතීත මහනුවර රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ මහ අධිකාරම් සහ සබරගමුව දිසාවේ ලෙසට (1811 - 1814) රාජකාරී ඉටුකල ඇහැලේපොළ විජයසුන්දර වික්‍රමසිංහ සෙනෙවිරත්න අමරකෝන් වාසල පණ්ඩිත මුදියන්සේ (ඇහැලේපොළ නිළමේ) විසින් තම රාජකාරී උදෙසා රත්නපුරය ඉදිකරන ලද ඇහැලේපොළ වලව්ව වේ.[2]
පසුකාලීනව රජයේ දිසාපතිවරුන්ගේ නිල නිවාසයක් ලෙස යොදා ගෙන ඇති මෙම වලව්ව මේ වන විට රත්නපුර ජාතික කෞතුකාගාරය ලෙස භාවිතයට ගැනේ. උඩරට රාජධානියට සම්බන්ධ සුවිශේෂී ස්ථානයක් සේ සළකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම වලව්ව වර්තමානයේදී පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස නම් කොට ඇත.
වලව්ව
ඇහැලේපොළ වලව්ව ලන්දේසි ගෘහ නිර්මාණ ලක්ෂණ වලට අනුරූපීව නිර්මාණය කොට ඇත. දැවයෙන් හා ගඩොලින් අලංකාරකරන ලද ආලින්දයක් ගොඩනැගිල්ලේ ඉදිපසින් දැකගත හැකිවේ. ප්‍රධාන ශාලාව දෙපස කාමර 3 බැගින් සමානව බෙදී යන පරිදි ගෘහය සැළසුම් කොට ඇති අතර පසුකාලීනව එකතු කරන ලද කොටස්ද මෙහි දැකගත හැකිය. ගබඩා කාමර 4 ක් වලව්ව තුල වේ. වලව්වේ ආරක්ෂාවට සහ අලංකාරය වෙනුවෙන් එය වටා දිය අගලක් තනා තිබූ බවටද සාධක පවතී.
මේවාද බලන්න
මූලාශ්‍ර
- ^ "නැෂනල් මියුසියම් රත්නපුර". ඩිපාර්ට්මන්ට් ඔෆ් නැෂනල් මියුසියම්ස්. සම්ප්‍රවේශය 4 ජූනි 2015.
- ^ සිල්වා, ධනන්ජනී (16 නොවැම්බර් 2014). "එක්ස්ප්ලෝරින් ද සිටි ඔෆ ජෙම්". සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 8 ජූනි 2015.