එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙහි සාමාජිකයන්ගේ ලැයිස්තුව
එක්සත් ජාතීන් ආරක්ෂක මණ්ඩලයෙහි සාමාජිකත්වය සමන්විත වන්නේ ස්ථීර සාමාජිකයන් පස් දෙනෙකු සහ තෝරා පත් කරගනු ලබන ස්ථීර-නොවන සාමාජිකයන් දස දෙනෙකු වෙතිනි. 1966 වසරට පෙර, තෝරා පත් කර ගනු ලබන සාමාජිකයන් හය දෙනෙකු සිටි අතර, 1945 වසරෙහිදී එක්සත් ජාතීන් පිහිටුවීමෙන් පසුව, චීනය නියෝජනය කිරීම හැරුනු විට, ස්ථීර සාමාජිකයන් පිළිබඳව කිසිදු වෙනසක් සිදුවී නොමැත. තෝරා පත් කර ගනු ලබන සාමාජිකයන් විසින් වසර-දෙකක කාල සීමාවක් තුල මණ්ඩලයෙහි තනතුරු හොබවන අතර, මෙම තනතුරු අතරින් අඩක් සඳහා සැම වසරකදීම තරග පැවැත්වෙයි. භූගෝලීය සන්තතිය පවත්වා ගෙන යනු වස්, එක් එක් එජා ප්‍රාදේශීය කාණ්ඩ පහ සඳහා කිසියම් සාමාජිකයන් ගණනක් වෙන් කර ඇත.
ස්ථීර සාමාජිකයෝ (නිෂේධ බලය සහිත)
රට | ප්‍රාදේශීය කාණ්ඩය | කවදා සිට සාමාජිකයෙක්ද |
---|---|---|
![]() |
ආසියා-ශාන්තිකර කාණ්ඩය | 1971, චීන සමූහාණ්ඩුව වෙනුවට පත් විය |
![]() |
බටහිර යුරෝපියානු සහ අනෙකුත් කාණ්ඩය | 1945 |
![]() |
නැගෙනහිර යුරෝපියානු කාණ්ඩය | 1991, එක්සත් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු වෙනුවට පත් විය |
![]() |
බටහිර යුරෝපියානු සහ අනෙකුත් කාණ්ඩය | 1945 |
![]() |
බටහිර යුරෝපියානු සහ අනෙකුත් කාණ්ඩය | 1945 |
ස්ථීර-නොවන (නිෂේධ බලය රහිත) සාමාජිකයෝ
වසරින් වසර වෙනස් වේ
ප්‍රාදේශීය කාණ්ඩ

- අප්‍රිකානු කාණ්ඩය: සාමාජිකයෝ 3
- ආසියා-ශාන්තිකර කාණ්ඩය:[a] සාමාජිකයෝ 2
- නැගෙනහිර යුරෝපියානු කාණ්ඩය (CEIT හෝ, කන්ට්‍රීස් විත් ඉකොනමීස් ඉන් ට්‍රාන්ෂිසන් (ආර්ථිකයන් සංක්‍රාන්තියෙහි පවතින රටවල්)): සාමාජිකයෝ 1
- ලතින් ඇමරිකානු සහ කැරිබියානු කාණ්ඩය (GRULAC): සාමාජිකයෝ 2
- බටහිර යුරෝපියානු සහ අනෙකුත් කාණ්ඩය (WEOG): සාමාජිකයෝ 2 ; අවම වශයෙන් එක් සාමාජිකයෙක් හෝ බටහිර යුරෝපය වෙතින් විය යුතුයි [1]
මෙයට අමතරව, මණ්ලයෙහි එක් ස්ථීර-නොවන සාමාජිකයයෙක් අරාබි රටක් වන අතර, මාරුවෙන් මාරුවට අප්‍රිකානු හෝ ආසියා-ශාන්තිකර කාණ්ඩ අතරින් වෙයි. ක්‍රියා පිළිවෙල වෙත මෙම නීතිය 1967 වසරෙහි එක් කරන ලදුව, 1968 වසරෙහි මුල සිට ක්‍රියාත්මක වීමට නියම කෙරිණි.
එක් එක් වසරෙහිදී එජා ආරක්ෂක මණ්ඩලය විසින් වසර-දෙකක කාල සීමාවක් සඳහා නව සාමාජිකයන් පස් දෙනෙකු තෝරා පත් කර ගැනෙයි; සැම විටම වසරෙහි ඔක්තොම්බර් මාසයෙහි ආරම්භ වන මෙම මැතිවරණය, එක් එක් ප්‍රදේශයෙහි රටවල් අතරින් තුනෙන්-දෙකක බහුතරය ලැබෙන තුරු පැවැත්වෙයි. යළි-පත්වීම සඳහා අවසර ලැබෙන මුත්, තනතුරු කාලය පිට පිට නොපැමිණිය යුතුයි.
- මැතිවරණ කාල සටහන
ධූර කාල සීමාව ආරම්භ කරන වසර: | ඔත්තේ | ඉරට්ටේ |
---|---|---|
අප්‍රිකානු කාණ්ඩය | එක් සාමාජිකයෙක් | සාමාජිකයන් දෙදෙනෙක් * |
ආසියා-ශාන්තිකර කාණ්ඩය | එක් සාමාජිකයෙක් | එක් සාමාජිකයෙක් * |
නැගෙනහිර යුරෝපියානු කාණ්ඩය | නොමැත | එක් සාමාජිකයෙක් |
ලතින් ඇමරිකානු සහ කැරිබියානු කාණ්ඩය (GRULAC) | එක් සාමාජිකයෙක් | එක් සාමාජිකයෙක් |
බටහිර යුරෝපියානු සහ අනෙකුත් කාණ්ඩය | සාමාජිකයන් දෙදෙනෙක් | නොමැත |
* අරාබි ජාතීන් සඳහා නියෝජිතයා මෙම තෝරාගැනීම් අවකාශ දෙක අතර මාරුවෙන් මාරුවට තෝරා ගැනෙයි.
පෙර සහ ඉදිරි ආරක්ෂක මණ්ඩල සංයුතිය
1946 සිට 1965 දක්වා, ආරක්ෂක මණ්ඩලයෙහි ස්ථීර-නොවන සාමාජිකයෝ සය දෙනෙක් වූහ. එකල ප්‍රාදේශීය කාණ්ඩකරනය වූයේ මෙලෙසය:
- ලතින් ඇමරිකාව: සාමාජිකයෝ 2
- පොදු රාජ්‍ය මණ්ඩලය: සාමාජිකයෝ 1
- නැගෙනහිර යුරෝපය: සාමාජිකයෝ 1
- මැද පෙරදිග: සාමාජිකයෝ 1
- බටහිර යුරෝපය: සාමාජිකයෝ 1
මෙම කාණ්ඩකරනයට සමහරක් ව්‍යතිරේකයන් විය: 1961 දී ලයිබීරියාව විසින් බටහිර යුරෝපියානු රටකට හිමි අවස්ථාව ලබා ගති; 1964-1965 අතරතුර අයිවරි කෝස්ට් විසින් පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකයෙකුගේ තැන ගති; 1956 සිට නැගෙනහිර යුරෝපය කාණ්ඩය තුල ආසියානු රටවල් අඩංගු විය.
ආරක්ෂක මණ්ඩලයෙහි යෝජිත විස්තාරණයෙහි කොටසක් වශයෙන්, සාමුහිකව 4 කාණ්ඩය හෝ ජී4 ජාතීන් ලෙසින් හැඳින්වෙන බ්‍රසීලය, ජර්මනිය, ඉන්දියාව සහ ජපානය විසින්, මණ්ඩලය තුල ස්ථීර නියෝජනයක් ඉල්ලා සිටිති. ඉතාලිය විසින් සම්මුතිය සඳහා ඒකීකරණය කාණ්ඩය පිහිටුවමින්, ආරක්ෂක මණ්ඩලයෙහි මෙම විස්තාරණය වෙත විරුද්ධත්වය දක්වයි .
වසර අනුව සාමාජිකත්වය
සථීර
වසර | චීන ආසනය | ප්‍රංශ ආසනය | සෝවියට්/රුසියානු ආසනය | බ්‍රිතාන්‍ය ආසනය | ඇමරිකානු ආසනය |
---|---|---|---|---|---|
1945 | ![]() |
![]() |
![]() |
![]() |
![]() |
1946 | ![]() | ||||
1949 | ![]() | ||||
1958 | ![]() | ||||
1971 | ![]() | ||||
1992–වර්තමානය | ![]() |
සටහන්
- ^ "ඒෂියන් ගෲප් ඔෆ් නේෂන්ස් ඇට් යූඑන් චේන්ජර්ස් ඉට්ස් නේම් ටු ඒෂියා-පැසිෆ්ක් ගෲප්", රේඩියෝ නිව්සීලන්ඩ් ඉන්ටර්නැෂනල්, 2011-08-31.
ආශ්‍රිත
- ^ එක්සත් ජාතීන්ගේ ආරත්ෂක මණ්ඩලය, ද ග්‍රීන් පේපර්ස් වර්ල්ඩ් වයිඩ්